(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම වාන්කුලම් වැවේ තිබී කඩු කිපයක් , හිස් පතොරම් තොගයක් සහ තවත් ආයුධ කිහිපයක් යුද හමුදාව හා නාවික හමුදාව එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අද (23) සොයා ගත් බව පුත්තලම පොලිසිය කියයි.
වාන්කුලම් වැවේ තිබී සොයා ගත් දෑ අතර කඩු තුනක්, බෝර 12 ගිනි අවිවලට යොදන හිස් පතොරම් 60 ක්, එම වර්ගයේම ජීව පතොරම් දෙකක්, නන්චක්කුවක් ඇතුළු දෑ සොයා ගෙන ඇත.
පුත්තලම 143 වන බළසේනාවේ යුද හමුදා නිලධාරීන් හා කල්පිටිය විජය නාවුක කඳවුරේ කිමිදුම් ඒකකයේ කිමිදුම්කරුවන් වාන්කුලම් වැවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම අයුධ සොයා ගෙන තිබුණී.
කඩු සහ අනෙක් දෑ කිසියම් පිරිසක් විසින් වැවට ගෙන දමන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පුත්තලම වාන්කුලම් වැවේ තිබී කඩු - පතොරම් සොයාගනී