IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පුත්තලම විජයබාහු පුහුණු පාසලේ ආධුනික සෙබළුන් විසිරයාම අද

(එච්.චන්දන)
 

පුත්තලම  විජයබාහු  පාබල රෙජිමේන්තු  පුහුණු පාසලේ  පාඨමාලා අංක 82 යටතේ පුහුණුව ලැබූ ආධුනික  සෙබළුන්   විසිරයාම (අද) 22  උදෑසන එම  පුහුණු පාසැලේ ක්‍රීඩා පිටියේ  පැවැත්විණි.

මෙම අවස්ථාවට  ප්‍රධාන ආරාධිත අමුත්තා පුත්තලම - සිංහනාගවිල්ළුව 143 වන බළසේනාධිපති  බ්‍රිගේඩියර්  ධම්මික දිසානායක  මහතා  සහභාගි විය.

විජයබාහු  පාබල රෙජිමේන්තු  පුහුණු පාසලේ  පුහුණුව ආධුනික  සෙබළුන්  245 දෙනා අතුරින්  දක්ෂතම වෙඩික්කරු ලෙස  ශ්‍රී ලංකා සිංහ රේජිමේනතුවේ ඒච්.ඒ.සි.කේ  හේරත්, සෑම අතින්ම අතිශූර සෙබළා ලෙස ආධුනික  ශ්‍රී ලංකා සිංහ රේජිමේනතුවේ සෙබළ එන්.පී.එම්. ජයසිංහ මෙහිදී සම්මාන දිනා ගත්හ.

මෙහිදී පැවති පෙළපාලියේ පෙළ අණදෙන්නා හා පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක ලෙස මේජර්  ආර.ආර්. පි ලක්සිරි මහතාද කටයුතු කළේය.

මෙම  අවස්ථාවට යුද හමුදාවේ නිලධාරීහු රැසක්, විසිර යන ආධුනික සෙබළුන්ගේ  මව්පියවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

පුත්තලම විජයබාහු පුහුණු පාසලේ ආධුනික සෙබළුන් විසිරයාම අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site