IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පුත්තලම පැරණි තැපැල් හලේ ගින්නක්

(රෝවන් පෙරේරා - එච්.චන්දන) 
පුත්තලම නගරයේ  තැපැල්  කාර්යාලය පවත්වාගෙන ගිය පැරණි ගොඩනැගිල්ලෙහි හට ගත් ගින්නක් හේතුවෙන් ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුවී ඇති බව පුත්තලම පොලිසිය කියයි.

තැපැල් ස්ථානය නව  ගොඩනැගිල්ලකට රැගෙන යාමෙන් පසු  ගිනි ගෙන විනාශවී ගිය ගොඩනැගිල්ල වසර කිහිපයක  සිට යාචකයින්ගේ නිවහනක්වී තිබු බවද පොලීසිය සඳහන් කරයි.

ඊයේ (18) රාත්‍රීයේ ඇති වු මෙම ගින්න හටගෙන සුළු කාලයකින් එම ස්ථානයට පැමිණි පුත්තලම පොලීසිය  ගින්න නිවීමට  කටයුතු කර ඇති අතර කල්අඩිය නාවික හමුදා ගිනි නිවන රථය, පුත්තලම සෙල්ලකන්දල් විශේෂ කාර්ය බලකායට අයත් ජල බවුසරය, පුත්තලම යුද හමුදා කඳවුරේ බවුසරය, සහා තවත් ජල බවුසර් කිහිපයක් ගෙන්වීමෙන් පසුව පැය දෙකක පමණ කාලයකින් පසුව ගින්න නිවා දැමීමට හැකිවූ බව පුත්තලම පොලීසිය පැවසීය.

ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුවී නොමැති අතර ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවී තිබේ. ගින්න හට ගැනීමට හේතුව තවමත් අනාවරණයවී නොමැති අතර ඒ පිළිබඳ පරික්ෂණ සිදුකරන පොලීසිය පවසයි.



අදහස් (0)

පුත්තලම පැරණි තැපැල් හලේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 751 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2404 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site