(චන්දන ප‍්‍රනාන්දු)
වෙන්නප්පුව අලුත්පාරේ කොහු අපනයන සැකසුම් කර්මාන්තශාලාවක අද (28) ඇති වු ගින්නකින් කර්මාන්ත ශාලාවට හානි සිදුව ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි.
ගින්න එහි සේවකයෙකු දැක ඇති බවත් පොලිසියට හා කර්මාන්තශාලාවේ හිමිකරුවන්ට කරන ලද දැනුම්දීමක් මත වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ ජල බවුසරයෙන් ගින්න යම් තරමකට මැඩ පවත්වා ඇති බවත් එහි තිබූ කොහු තොගයට, යන්ත‍්‍ර කිහිපයකට මෙන්ම ගොඩනැගිල්ලටද හානි සිදුව ඇතැයි පොලිසිය කීය.
හලාවත නගර සභා ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න අනෙක් ගබඩා වටා පැතිරීම වළක්වා ඇති බව පොලිසිය කියයි.
මෙම ගින්න ඇති වූ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවත් ගින්නෙන් වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලිසිය කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පුත්තලමේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්