(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික් ඉඩම් රිජිස්ටාර් කාර්යාලයේ පත්ඉරු පොත්වල පත්ඉරු සොරකම් කරගෙන ගොස් ඒවායේ භුමි ප්‍රමාණයන් වෙනස් කර ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකාරිය සහ සැකකරු 9 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා අද (04) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි ගාල්ලගේ නිමල්කා තිළිණි ප්‍රනාන්දු (42) සහ හිරිපිටියගේ සහන් .චමින්ද (48) යන අය වේ.
ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ පත්ඉරු පරීක්ෂා කිරීමට නීතිඥවරයෙකුගේ බලය පැවරූ ලිපියක් අවශ්‍ය වන අතර මෙම දෙදෙනා ව්‍යාජ ලෙස එම ලිපි සකස් කරගෙන පත්ඉරු පරීක්ෂා කර ඇති බවත්, එසේ පරීක්ෂා කරන මුවාවෙන් ඔවුන් පත්ඉරු ගලවාගෙන ගොස් එහි තිබෙන භුමි ප්‍රමාණය වැඩියෙන් සටහන් කර නැවත පොත්වල අලවන බවට ලැබුණු තොරතුරක් අනුව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි අතිරේක ඉඩම් රෙජිස්ටාර්වරයකු පොලිසියට දන්වා ඇත.
ඒ අනුව රැකවලෙහි සිටි බුද්ධි අංශයේ නිලධාරින් පිරිසක් ඊයේ (03) ඔවුන් දෙදෙනා එසේ සොරකම්කර ගලවාගෙන ගොස් තිබූ පත්ඉරු නැවත පොතේ ඇලවිමට යාමේදී අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා විශේෂ අපරාධ විමර්ශණ අංශයට බාරදී ඇත. එම දෙදෙනා මෝටර් රථයකින් පැමිණ තිබූ අතර එම මෝටර් රථයද පොලිස් බාරයට ගෙන තිබේ.
විමර්ශනවලදි අනාවරණය වී ඇත්තේ පත්ඉරු හොරෙන් ගලවා ගෙන ගොස් ඒවායේ භුමි ප්‍රමාණය වැඩියෙන් සඳහන් කර නැවත පොතේ අලවා ඒවාට ව්‍යාජ ඔප්පුද සකස්කර ඇති බවය. ඒ සඳහා විවිධ පුද්ගලයින්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇති බවත් අනාවරණය වි තිබේ.
අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී මිගමුව සහ ගම්පහ ප්‍රදේශවල නීතිඥවරුන් දෙදෙනෙකුගේ ව්‍යාජ නිල මුද්‍රා දෙකක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
අක්මිමණ, බද්දේගම, පින්නදූව ආදී ප්‍රදේශවල ඉහළ වටිනාකමින් යුත් ඉඩම්වල පත් ඉරු මෙසේ ගලවාගෙන ගොස් ඇති අතර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ සේවය කරන අයෙකුගේ ඉඩමකට අයත් පත් ඉරුවක්ද ගලවාගෙන ගොස් තිබූ පත්ඉරු අතර වන බවද පොලිසිය පැවසීය.
මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
2025 නොවැම්බර් මස 17
43
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පත්ඉරු සොරාගෙන ව්‍යාජ ඔප්පු තැනූ දෙදෙනෙකු රිමාන්ඩ්
පියල් Sunday, 05 January 2020 04:39 AM
එක්තරා ඉඩම් ලේකම් කාර්යාලයෙත් ඔහොම ඒවා වෙනවා. එතන ප්‍රධානියා කෙලින්ම සම්බන්ධයි කියලයි කියන්නේ. දේශපාලන බලපෑම් මත ඔහුට විරුද්ධව කිසිම පියවරක් ගෙන නෑ.