IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


පත්ඉරු ගැලවූ දෙදෙනෙකු රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)
 
ගාල්ල දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ  පත්ඉරු ගලවා ව්‍යාජ ඔප්පු සකස් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි සැකකාරියක සහ සැකකරුවකු ලබන 23 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (09)මහතා නියෝග කළේය.
 
මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ  කහතුඩුව දියගම පාර පදිංචි ගාල්ලගේ නිමල්කා තිළිණි ප්‍රනාන්දු (42) සහ හෝමාගම උඩුවන පදිංචි  හිරිපිටියගේ සහන් චමින්ද (48) යන අයයි.
 
ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ පත් ඉරු පරීක්ෂා කිරීමට නීතිඥවරයෙකුගේ බලය පැවරූ ලිපි ව්‍යාජ ලෙස සකස් කරගෙන එහි පැමිණ ඇති බවද, පත්ඉරු පරීක්ෂා කරන මුවාවෙන් ඔවුන් පත්ඉරු ගලවාගෙන ගොස් එහි භූමි ප්‍රමාණය වැඩියෙන් සටහන්කර නැවත පොත්වල අලවා ඇති බවද, ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි අතිරේක ඉඩම් රිජිස්ටාර්වරයෙකු පොලිසියට දන්වා ඇත.
 
මෙම සැකකරු සහ සැකකාරිය ගලවාගෙන යන ලද පත් ඉරු නැවත වෙළුමේ ඇලවීමට දෙසැම්බර් 19දින පැමිණ ඇතත් ඉඩම් ලියාපදිංචිකිරීමේ නිලධාරීන් අධීක්ෂණයේ සිටීම නිසා එය ඉටු කරගත නොහැකිව ගොස් ඇත. ඉකුත් 3 වන දින එසේ පත්ඉරු ඇලවීමට පැමිණි අවස්ථාවේ  රැකවලෙහි සිටි බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් ඔවුන් අත් අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂ අපරාධ විමර්ශන අංශයට බාරදෙන ලදී.

එම දෙදෙනා පැමිණි මෝටර් රථයද පොලිස් බාරයට ගෙන ඇත.
 
විමර්ශනවලදි අනාවරණයවි ඇත්තේ පත්ඉරු හොරෙන් ගලවා ගෙන ගොස් ඒවායේ භූමි ප්‍රමාණය වැඩියෙන් සඳහන් කර නැවත පොතේ අලවා ඒවාට ව්‍යාජ ඔප්පුද සකස්කර ඇති බවය. ඒ සඳහා විවිධ පුද්ගලයින්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ. ඔවුන් සන්තකයේ තිබී මීගමුව සහ ගම්පහ ප්‍රදේශවල  නීතීඥවරුන් දෙදෙනෙකුගේ  නිල මුද්‍රා දෙකක්ද පොලිසිය සොයාගෙන ඇත.
 
අක්මීමණ, බද්දේගම, පින්නදූව ආදි ප්‍රදේශවල ඉහළ වටිනාකමින් යුත් ඉඩම්වල පත් ඉරු මෙසේ ගලවාගෙන ගොස් ඇති අතර දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ සේවය කරන අයෙකුගේ ඉඩමකට අයත් පත් ඉරුවක්ද ගලවාගෙන ගොස් තිබූ පත්ඉරු අතර වන බවද පොලිසිය පැවසීය.
 
මෙම සැකකරුවන් දෙදෙනා අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට 4 වන දින වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා නියෝග කර තිබිණි. අද ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝගකෙරිනි.
 
ගාල්ල පොලිස් අධිකාරවරයාගේ උපදෙස් පරිදි විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්.එල් නාරංගොඩ මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක උදය සාන්ත, සැරයන් බණ්ඩාර(186)යන මහත්වරුන් විසින් පැමිණිල්ල මෙහෙයවන ලද අතර සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සිසිර වීරසූරිය මහතා ඇතුළු නීතීඥවරු පිරිසක් පෙනී සිටියහ.
 



අදහස් (0)

පත්ඉරු ගැලවූ දෙදෙනෙකු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31901 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14362 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11194 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 253 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1199 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 344 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site