(ඩබ්. ඒ. පියතිලක)
පණ්ඩුකාභය කුමරු සහ ස්වර්ණපාලි කුමරිය වාසය කළ ඓතිහාසික මාළිගාව සහ එහි නටඹුන් පුරා විද්‍යා දෙපාරමේන්තුවේ නිලධාරීන්ගේ නොසැලිකිලිමත්කම නිසා විනාශයට ලක්ව ඇතැයි ස්වර්ණපාලි රජමහා විහාරයේ විහාරාධිපති හිඟුල්වල කුසලඥාණ නාහිමි පවසයි.
උනවහන්සේ මෙසේ ද පැවසූහ.
“ඉතිහාසයේ සඳහන් පරිදි පණ්ඩුකාභය රජු සහ ස්වර්ණපාලි කුමරිය වාසය කළ රාජ මාළිගාවේ නටඹුන් මේ විහාරස්ථාන භූමියේ පිහිටා තිබෙනවා. මාළිගාව, ආරෝග්යිශාලාව ඇතුළු පැරණි නටඹුන් විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒවා නිසි නඩත්තුවක් නොමැතිකම නිසා විනාශ වෙමින් තියෙනවා. ඉපැරණි ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන මෙසේ විනාශවීමට ඉඩහැර තිබීම රටේ ඉදිරි පරම්පරාවට විශාල හානියක්. මාළිගාවේ විශාල ගස් හැදිලා බිත්ති පුපුරලා කඩා වැටෙනවා. ඒවා ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නේ නැතුව පුරාවිද්‍යා නිලධාරීන් බොරුවට වෙන වෙන තැන්වල හාරනවා”




2025 දෙසැම්බර් මස 18
240
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පණ්ඩුකාභය රජ මාළිගය විනාශ මුඛයේ
rocky Wednesday, 13 February 2019 09:53 AM
මේ නටබුන් ඉතා පැරණි බව පෙනුනත් අනුව මේවා පණ්ඩුකාභය යුගය තරමටම පැරණි වෙන්න බැහැ. පුරාවිද්‍යා .දෙපාර්තමේන්තුවට දෝෂාරෝපනය කරන එක සාධාරණ නැහැ. ඔවුන්ට ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නැහැ. මේ කටයුතු සඳහා ප්‍රමාණවත් තරම් මුදල් නැහැ. සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලේ සල්ලි කොච්චර තිබුණත් ඒවා වියදම් කෙරෙන්නේ වෙනත් වැඩ වලට ලු! දියවන්නා පැත්තේ දෙවිවරුත් ඕවට වියදම් කරන්න කැමති නැහැ එච්චරම කොමිස් ගහන්න බැරි හින්ද. බිලියන ගණනින් සල්ලි තියන හාමුදුරු කීප දෙනෙක් එකතුවෙලා වත් ඔය වැඩේ කෙරුවොත් නරකද?