IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘පොඩි ලැසීගේ’ ගෝලයකු ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට

(දිලීප් ජයසේකර)

තිස්සමහාරාම කොහොඹගහපැලැස්සේ සිට මහා පරිමාණ ලෙස හෙරොයින් ජාවාරමක් මෙහෙයවූ අපරාධ රැසකට  බන්ධනාගාර ගතව සිටින ‘පොඩි ලැසීගේ’ ගෝලයකු ඇතුළු සිව් දෙනෙකු අද (15) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී මිලිග්‍රෑම් 2450 ක් හා රුපියල් 18400 ක මුදලක් තිබී පොලිස් බාරයට ගැණිනි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තිස්සමහාරාම සදගිරිගම පදිංචි වයස අවුරුදු 29,30 සහ 31 හැවිරිදි වියේ පසුවන්නෝ වෙති.

මොවුන් තිස්සමහාරාම,කිරින්ද,කතරගම හා දෙබරවැව ඇතුළු අවට ප්‍රදේශවලට  හෙරොයින් මත්කුඩු ගෙවිත් බෙදාහැර තිබෙන බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා සහ හෙරොයින් මත්කුඩු වැඩිදුර විමර්ෂණ සඳහා තිස්සමහාරාම පොලීසියට බාරදී ඇති අතර ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

‘පොඩි ලැසීගේ’ ගෝලයකු ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site