IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පිටවල රක්ෂිතයේ දර කඩන්න ගිය කතක් මරුට

  ( රංජිත් රාජපක්ෂ )     

                 
ගිනිගත්හේන පොලිස් වසමට අයත් පිටවල මිල්ලගහමුල රක්ෂිතයේ කෝපි කැඩිමට ගිය කාන්තාවන් දෙදෙනෙකු  අතුරුදන්ව සිටියදි ගම්වාසින් විසින් අද (21) උදෑසන කළ මෙහෙයමකදි එම කාන්තාවන් දෙදෙනා රක්ෂිතයේ ගලක් මත සිටියදි සොයාගෙන ගිනිගත්හේන රෝහලට ඇතුළු කිරිමෙන් පසු ඉන් එක් කාන්තාවක් මිය ගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය  පවසයි.


මෙසේ මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන පිටවල මිල්ලගහමුල ප්‍රදේශයේ පදිංචි කුමාරමැණිකේ නැමති 55 හැවිරිදි තිදරු මවකි.


මෙම කාන්තාවන් දෙදෙනා නිතර නිතර රක්ෂිතයේ කෝපි කැඩිමට යන බවත්,  ඊයේ (20)  දහවල්ද  රකෂිතයට ගිය අවස්ථාවේ පැවති  අධික වර්ෂාවත් සමඟ මාර්ගය සොයා ගැනිමට නොහැකිව රක්ෂිතය තුළ  රාත්‍රිය ගත කර ඇත.


ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක් ව රක්ෂිතයේ මෙහෙයුමක් සිදු කළ අතර අද උදෑසන ගම්වාසින්ට එම රක්ෂිතයේ ගලක් මත සිටියදි මෙම කාන්තාවන් දෙදෙනා හමු වි ඇති බව පොලීසිය සඳහන් කළේය.

 



අදහස් (0)

පිටවල රක්ෂිතයේ දර කඩන්න ගිය කතක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site