(රොමේෂ් මධුෂංක)

කිලිනොච්චිය, ධර්මපුරම්,වට්ටකච්චි ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයකින් නිධන් හෑරීමට පැමිනි පුද්ගලයන් 05 දෙනකු මෝටර් රථයක් සහ අධිතාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගත් බවට ධර්මපුරම් පොලීසිය පවසයි.

වට්ටකච්චි අම්බු පාලම අසල පිහිටි පුරාවිද්‍යා භූමියක් අසල සැකකටයුතු මෝටර් රථයක් නවතා ඇති බවට ධර්මපුරම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් අදාල ස්ථානයට ගොස් සිදු කළ  සෝදිසියේදී මෙම සැකකරුවන් සහ ඔවුන් පැමිණි මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇත.