IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිසි වැටුපක් ඉල්ලා මස්කෙළිය වතු කම්කරුවෝ පාරට බසිති

( රංජිත් රාජපක්ෂ  )     

                
තම දෛනික මුලික වැටුප රු දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලකරමින් මස්කෙලිය ස්තැස්පි වතු යායේ කොටස් හයක වතු කම්කරුවෝ මස්කෙලිය සාමිමලේ ප්‍රධාන මාර්ගයේ ගවරවිල මංසන්ධියේ අද  (11) උද්ඝෝෂණයක නිරත වුහ.


වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර වසර දෙකක් බල පැවැත්වෙන සේ මීට ප්‍රථම අත්සන් කළ අවබෝධතා ගිවිසුම කල් ඉකුත් වි මාස දෙකක පමණ කාලයක් ගත වි ඇත.

 

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර යළි සාකච්ඡා වට කිහිපයක් පවත්වා එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වි ඇත.


වෘත්තිය සමිති භේදයකින්  තොරව අද උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් පැවසුයේ  වතු යායෙන්  මාසිකව ලබාදෙන වැඩ දින ගණනට අනුව වැඩට පැමිණෙන අයට සහ වතු යාය මගින් දිනක වැටුප සදහා අනුමත කරන තේ දළු ප්‍රමාණය පමණක් නෙළන අයට රු 730  ක දිනක වැටුප ලැබෙන බවත්, එසේ නොකරන අයට දිනක වැටුප වශයෙන් රු 530 වැටුපක් ලැබෙන බවයි.

 
දැනට තමන්ට ගෙවන රු 530 මුලික වැටුප කොන්දේසි විරහිතව දෛනික මුලික වැටුප රු 1000 දක්වා ඉහළ දමන ලෙස උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවෝ ඉල්ලා සිටිති.
 



අදහස් (0)

නිසි වැටුපක් ඉල්ලා මස්කෙළිය වතු කම්කරුවෝ පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site