(තරංග ගුණරත්න)
ආහාර පනතේ යටතේ ලබාදි ඇති නිසි ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් ප්‍රවාහනය සහ බෙදාහරින ලද යෝගට් කප් සහ ජෙලී කප්, තොගයක් වැලිගම නගරයේදී අද (26 ) දින දහවල් අත්අඩංගුවට ගත්බව වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි ,
වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ලද තොරතුරක් මත වැලිගම නගරයේදී මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී ආහාර පනත යටතේ ශීතකල කිරි ආශ්‍රිත ආහාර ප්‍රවාහනය සහ බෙදාහැරීම සදහා ලබාදි ඇති නිසි ක්‍රමවේදයක් වන උෂ්ණත්වය සෙල්සියස් අංශක 4- 8 යටතේ ප්‍රවාහනය සහ බෙදාහැරීම සිදුකළ යුතු වුවත් කුඩා ලොරි රථයක් මගින් සමාන්‍ය උෂ්ණත්වය යටතේ රිජිෆෝම් පෙට්ටිවල ගබඩාකර ගාල්ල නගරයේ සිට වැලිගම නගරය වෙත ප්‍රවාහනයකර ජනතාවට අලවි කිරිම සදහා වෙළෙඳ සැළක් වෙත බෙදා හැරීමට කටයුතු සුදානම්ව තිබිණි,
අනතුරුව ලොරි රථයේ රියදුරුවන ගාල්ල පෙදෙසේ පදිංචි වයස 54 වන පුද්ගලයාට සහ වෙළඳ සැලේ හිමිකරුවන්ට දැඩිව අවවාද කර මුදාහරින ලදි පසුව අත්අඩංගුවට ගත් රුපියල් හතලිස් පන්දහසක් පමණ වන යෝගට් සහ ජෙලි කප් තොගය මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වැලිගම කප්පරතොට පෙදෙසේදි විනාශ කිරීමට කටයුතු කළේය.
මෙම වැටලීම වැලිගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එචි එමි එන් නිහාල් මහතා , වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නාමල් නුවන් කුමාර ,මිරිස්ස මහජන සෞඛ්‍ය පරීක්ෂක ආනන්ද සේනාධීර මිදිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කෞශල්‍ය නානායක්කාර , කඹුරුගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් ,එස්, එන් , පතිරණ මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ


2025 නොවැම්බර් මස 04
780
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2424
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිසි ක්‍රමවේදයකින් තොරව අලෙවි කිරීමට සුදානම් කළ යෝගට් - ජෙලිකප් තොගයක් විනාශයට