IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


නව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ

(තිළිණි ද සිල්වා)

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ‍්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රවිනාථ ආර්යසිංහ මහතා අද (31) සිය ධූරයේ වැඩ භාරගත්තේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කළ එම පත්කිරීමට අදාළව  විදේශ අමාත්‍යාංශයේ  නව විදේශ ලේකම් ධූරයේ රාජාකාරී බාර ගත් ආර්යසිංහ මහතා එම අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබිණි.

ආර්යසිංහ මහතා අමාත්‍යංශ ලේකම් ධූරයට පත්වීමට පෙර ඉකුත් අපේ‍්‍රල් මාසයේ සිට මේ දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු හා වෙළෙඳාම පිළිබඳ අතිරේක ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය.

1988 වසරේ ශ‍්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු ඒ මහතා නව දිල්ලියේ දෙවැනි ලේකම්වරයා ලෙසත් (1989-1991) වොෂිංටන් නුවර නියෝජ්‍ය තානාපතිවරයා ලෙසත් (2002-2006) කටයුතු කළේය.

2008 අපේ‍්‍රල් සිට 2012 ජුනි දක්වා කාලයේ බෙල්ජියමේ හා ලක්සම්බර්ග්හි ශ‍්‍රී ලංකා තානාපතිවරයා මෙන්ම යුරෝපා සංගමයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙසද ඒ මහතා කටයුතු කළේය.

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස හා ස්විට්සර්ලන්තයේ ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස 2012 ජුලි මස සිට 2018 මාර්තු මස දක්වා කටයුතු කළ ආර්‍ය්‍යසිංහ මහතා ඊට සමගාමීව වතිකානුවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙසද සේවය කළේය. ආර්‍ය්‍යසිංහ මහතා 1995 - 2000 හා 2007 - 2008 යන කාලය තුළ පොදු සන්නිවේදන අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ අතර විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක තනතුරද හෙබවීය.

1993 - 1995 කාලය තුළ විදේශ සේවයෙන් නිවාඩු ලබාගත් ඒ මහතා ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ජාතික තොරතුරු නිලධාරියා ලෙස සේවය කළේය.

ශ‍්‍රී ලංකා විදේශ සේවය හා එක්වීමට පෙර ඒ මහතා ජාතික රූපවාහිනී නාලිකාව ස්ථාපිත කිරීමෙහිලා පුරෝගාමියෙකු ලෙස කටයුතු කර ඇත. 1982 සිට 1988 දක්වා ඔහු ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ දේශපාලන වාර්තාකරුවෙකු හා ප‍්‍රවෘත්ති සංස්කාරකවරයෙකු ලෙස සේවය කළේය.

රවිනාථ ආර්යසිංහ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රවේදී උපාධිධාරියෙකු වන හෙතෙම කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිධාරියෙකි.

ඔහු 2001 සිට 2002 දක්වා වොෂිංටන් නුවර ඇමෙරිකා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සේවා විද්‍යායතනයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ‘හර්ස්ට්‘ ශිෂ්‍යත්වධාරියෙක්ද විය.

 

 

 

 



අදහස් (0)

නව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31869 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14337 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1191 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site