(රංජිත් රාජපක්ෂ)
ඉන්දියානු රජයේ සහ ශ්‍රි ලංකා රජයේ ප්‍රතිපාදන යටතේ බගවන්තලාව ප්‍රදේශයේ ඉදි වූ වතු නිවාස 155ක ගම්මානයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (24) වතු කම්කරු අයිතියට පත් කරනු ලැබීය.
බගවන්තලාව වැවිලි සමාගමට අයත් බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ ඉදි වූ වතු නිවාස 155 කින් සමන්විත මෙම නිවාස යෝජනා ක්‍රමය කම්කරු ජාතික පෙරමුණේ සහ ජාතික කම්කරු සංගමයේ නිර්මාතෘ දිවන්ගත වි.කේ වෙල්ලෙන්පුරම් මහතා සිහි කිරීම සඳහා වි.කේ වෙල්ලෙන්පුරම් ගම්මානය වශයෙන් නම් කර තිබේ.
ඉන්දියානු රජයෙන් රුපියල් ලක්ෂ 10 ක ප්‍රතිපාදන ලබා දී ඇති අතර කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයෙන් රුපියල් ලක්ෂ දෙකක් එක් නිවාසයක් සඳහා වැය කර ඇති අතර මෙම නිවාස යෝජනා ක්‍රමය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 175 කි.
පර්චස් හතක ඉඩමක තනි නිවාස වශයෙන් ඉදි වූ මෙම සෑම නිවසක්ම විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙයක් සහ සනිපාරක්ෂක පද්ධතියක් , මං මාවත් විදුලිය සහ පානීය ජලයෙන්ද සමන්විත වෙයි.
වත්මන් රජය යටතේ හරිත ගම්මාන සංකල්පය මත වතු කම්කරුවන් සඳහා ඉදිවන මෙම සෑම නිවසකටම හිමිකම් ඔප්පුවක්ද ලබා දෙනු ඇත.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ,ඉන්දියානු ශ්‍රි ලංකා මහ කොමසාරිස් ශ්‍රි තරංජිත් සින් සන්ධු අමාත්‍ය පලනි දිගම්බරම් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නව නිවාස 155ක් වතු කම්කරු අයිතියට පත් කෙරේ