IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිවාස ණය වැඩසටහනක් අතරමග නතර කළැයි ආණමඩුවේ විරෝධතාවයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව නිවාස සංවර්ධන අධිකාරියෙන් ක්‍රියාත්මක වූ නිවාස ණය යෝජනා ක්‍රමයක් අතරමග නවතා දැමීමට විරෝධය දක්වා නිවාස ණය ලාභින් 150 ක පමණ පිරිසක් එම කාර්යාල භූමියේ අද (26) විරෝධතාවයේ නිරත වූහ.

ආණමඩුව නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ නව ගම්මාන සහ නව නිවාස ඉදිකිරීමට ලබා දුන් ණය යෝජනා ක්‍රමය මේ වන විට අතර මග නවතා දැමීම හේතුවෙන් එම ගම්මාන වල සහ නිවාස ලාභින් අසරණ තත්වයකට පත්ව ඇති බව පවසමින් එම යෝජනා ක්‍රමය නැවත ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

එහිදි  මෙම විරෝධතාවයට එක්ව සිටි ආණමඩුව ප්‍රදේශීය සභාවේ විපක්ෂ නායක (එක්සත් ජාතික පක්ෂය) අසේල ප්‍රේමලාල් මහතා කියා සිටියේ පසුගිය එජාප රජයේ නිවාස සංවර්ධන  ඇමතිවරයා විසින් ආණමඩුව ආසනයේ  ආරම්භ කළ නව ගම්මාන 30 කට ආසන්න ප්‍රමාණයක් සහ නිවාස නොමැති පිරිස් වෙත ලබා දීමට සුදානම් කර තිබු ණය යෝජනා ක්‍රමයේ කොටසක් පමණක් ගෙවා අතර මග නතර කිරීම හේතුවෙන් නිවාස ලාභීන් අසරණව ඇති බවයි.

විරෝධතාකරුවන් වෙත පැමිණි ආණමඩුව නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි චමින්ද තෙන්නකොන් මහතා පවසා සිටියේ.

  “ මේ වැඩපිළිවෙළ කිසිම ආකාරයකින් නැවති නැහැ .එය සුපුරුදු ලෙසම ඉදිරියට ක්‍රියාත්මක කරන්න කියලා ප්‍රධාන කාර්යාලයෙන් අපිට උපදෙස් ලබා දි තිබෙනවා . ඒ වගේම වත්මන් නිවාස ඇමතිතුමාත් මේ වැඩපිළිවෙළ නවතා දමන්න කියලා අපිට කිසිම විටක දන්වා නැහැ.එතුමාත් ඒ පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.ඒ නිසා සතියක පමණ කාලයක් තුළදී අපි නැවත නැවතුන ව්‍යාපෘති ආරම්භ කිරීමට සුදානම්ව සිටිනවා යැයි පැවැසීය .

 

 

 



අදහස් (0)

නිවාස ණය වැඩසටහනක් අතරමග නතර කළැයි ආණමඩුවේ විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site