IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිවසක ගංජා පැළ වගා කළ නවසීලන්ත ජාතිකයෙකු අත්අඩංගුවට

(ජේ. කේ. එල්. චාමින්ද සහ එඩී.ජී.සුගතපාල)

 
වලහන්දුව සේනානායක මාවතේ නිවසක කාමරයක් තුළ  වගාකර තිබූ ගංජා පැළ හතක් සමඟ නවසීලන්ත ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ නිවාරණ ඒකකය පවසයි.

ගංජා වැළවලට අවශ්‍ය  වාතය හා හිරු එළිය ලබාගැනීම ස‍ඳහා විශේෂ යන්ත්‍රයක් උපයෝගී කරගෙන ඇතැයි පොලිසිය කියා සිටී. 

සැකකරු ගංජා වලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කොට “කුෂ්“ නමැති මත්ද්‍රව්‍යක් ද නිෂ්පාදනය කර තිබේ.

කොළඹ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ කොට්ඨාසයේ නිලධාරීන් සහ අක්මීමණ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් එක්ව කරන ලද වැටලීමකදී සැකකාර විදේශිකයා අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (26) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අක්මීමන පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. 



අදහස් (0)

නිවසක ගංජා පැළ වගා කළ නවසීලන්ත ජාතිකයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site