රංජිත් රාජපක්ෂ
හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයෙන් කාසල්රි ජලාශයට නාය ගිය මීටර් 45 ක පමණ මාර්ගයේ කොටස වෙනුවට එම ස්ථානයෙන්ම පස් කන්ද කපා අලුතින් මාර්ගයක් ඉදි කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අද (22) ආරම්භ කෙරිණි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් ලබාදුන් නිර්දේශයක් මත නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය මගින් මෙම නව මාර්ගයේ කැපිම් කටයුතු ආරම්භ කරනු ලැබීය.
ඉකුත් 13 වැනි දා ප්‍රධාන මාර්ගයේ කොටසක් සමඟ ඒ අභියස තිබූ නිවාස පහක් ද කාසල්රි ජලාශයට නාය යාම නිසා හැටන් බගවන්තලාව, බලංගොඩ, නොර්වුඩ්, මස්කෙලිය, සාමිමලේ සහ නල්ලතන්නිය යන ප්‍රදේශවල ගමනාගමනය සම්පුර්ණයෙන්ම මේ වන විට ඇණ හිට ඇත.
නොර්වුඩ් කෙටි මාර්ගය නායයාමත් සමඟ විකල්ප මාර්ග ඔස්සේ ඉහත සඳහන් ප්‍රදේශවලට රථ වාහන ධාවනය කරවන අතර, මාර්ගය නායයාම නිසා ජන ජිවිතයට ද ගැටළු රැසක් මතු ව තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිව්වැලිගම මාර්ගය පිළිසකර කරයි