IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නාවලපිටියේ පානීය ජල ප්‍රශ්නය විසදීමට ජල ව්‍යාපෘතියක්

නාවලපිටිය ප‍්‍රදේශයේ පානීය ජල ප‍්‍රශ්නය විසදීමට ප‍්‍රජා ජල ව්‍යාපෘතියක් ඉදිකිරීමට සහ නාවලපිටිය රෝහලේ ජල ගැටළුව විසදීමටත් නගරය සදහා නවීන තාක්ෂණයෙන් යුත් බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය පියවර ගෙන ඇත. 

මෙම කටයුතු සඳහා සැලසුම් සකස් කරන ලෙසත් මෙම සදහා ප‍්‍රමාණවත් ජල ටැංකියක් ඉදිකිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙසත් අමාත්‍ය රවූෆ් හකීම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 
 
නාවලපිටිය නගරයේ යටිතල පහසුකම් සම්බන්ධ ගැටළු විසදීම සහා එම නගරය අනාගත අවශ්‍යතාවයට අනුව සංවර්ධනය කිරීම පිළිබද උසස් මට්ටමේ සාකච්ඡාවක් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවූෆ් හකීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා නාවලපිටිය නගර සභා සභාපති සසංක සම්පත් සංජීව මහතාගේ සහභාගිත්වයෙන් නගර සභා කාර්යාල ගොඩනැගිල්ලේ පැවැත්වු අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.
 
නාවලපිටිය නගරයේ විටින් විට ඇතිවන ගංවතුර තත්වය නිසා උදාවී තිබෙන ආපදා තත්වයෙන් එහි ප‍්‍රධාන අප ජල පවාහන කාණු පද්ධතිය හානියට පත්වී තිබීම, ළමා උද්‍යාන සංවර්ධනය කිරීම, නගරයට පැමිණෙන වාහන ගාල් කිරීමට සුදුසු ස්ථාන නොමැතිවීම, බහුකාර්ය ගොඩනැගිල්ලක අවශ්‍යතාවය , හදුන්ගල ප‍්‍රදේශයේ ජනතාවගේ පානීය ජල ප‍්‍රශ්නය , රෝහලට ඇතිවන ජල ප‍්‍රශ්නය, නගරයේ පදික වේදිකාව සහ වැට අබලන් තත්වයට පත්වී තිබීම සතිපොල සදහා ස්ථානයක් වෙන්කරවා ගැනීම යනාදි ගැටළු පිළිබදව මෙම සාකච්ඡාවේදී අවධානයට යොමුවූ බව ද හෙතෙම සඳහන් කළේය. 


නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටා ඇති නගර සභා පැරණි ගොඩනැගිල්ල සහ ආශ‍්‍රිත පර්චස් 91ක ඉඩම යොදාගෙන නවීන ක‍්‍රමයට බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිළිබදවද මෙහි දී අවධානය යොමුවූ බව ඔහු කීය.

එම බහුකාර්ය ගොඩනැගිල්ල, රථගාල, පොදු සම්මන්ත‍්‍රණ ශාලාව, වෙළෙද සංකීර්ණය, බැංකු හා රාජ්‍ය ආයතන කාර්යාල යනාදි අංගවලින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ද සාකච්ඡාවේදී අදහස් දක්වන ලදී. මේ සදහා සුදුසු සැලසුම් වාර්තාවක් සකස්කරන ලෙස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් ලබාදුන් බව එම නිලධාරියා පැවසීය.  



අදහස් (0)

නාවලපිටියේ පානීය ජල ප්‍රශ්නය විසදීමට ජල ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site