(හැටන් රංජිත් රාජපක්ෂ)
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා නාවලපිටිය ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල සමාජිකයන් කිහිප දෙනෙකු අද (05) එක්සත් ජාතික පක්ෂය සමග එක්විය.
එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්වීම මහනුවර දිස්ත්‍රික් එජාප සංවිධායක, ව්‍යවසාය සංවර්ධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය උත්සව ශාලාවකදී පැවැත්විණි.
එම රැස්වීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල සමාජිකයන් පිරිස එක්සත් ජාතික පක්ෂය සමග එක් විය.
මෙම රැස්වීම නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජීව මහතා විසින් සංවිධානය කර තිබුණි.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මහනුවර දිස්ත්‍රික් එජාප පා. මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක, වේලු කුමාර් යන මහත්වරුද අදහස් දැක්වූහ.

2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
915
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
626
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නාවලපිටියේ එජනිස ප්‍රබලයෝ පිරිසක් එජාපයට එක්වෙති
lakshman Saturday, 05 October 2019 11:02 AM
මෙයා කියන එකට විරුද්ධ දේ තමයි සිද්ද වෙන්නේ.
Professor J.Jinadasa Saturday, 05 October 2019 09:43 PM
සියල්ලන්ම සජිත් වටා එක් රැස්විය යුතුය.රටට විප්ලවකාරී වැඩ කොටසක් මොහු කරාවි.ඔහු කුඩා මිනිහාට තැනක් දෙන කෙනෙකි. මොහු පියා ගිය අඩිපාරේ යන බව සත්‍යකි. රාජපක්ෂලා හදන්නේ පවුල් බලය ගොඩ නගා ගැනීමටය. එය හොද දෙයක් නොවෙයි. දූෂණය වර්ධනය වෙන මගකි. සජිත් දිනවන්න.
chinthaka Sunday, 06 October 2019 06:51 AM
ප්‍රබලයන් කිව්වේ? බැසිල්, ප්‍රසන්න, විමල් වගේ අයද??