චන්දන ප්‍රනාන්දු
ලංකාවට නිවාඩුවකට පැමිණි ඉතාලි ජාතිකයකු හදිසි අසනීප තත්වයක් හේතුවෙන් මාරවිල රෝහලට ඇතුළු කිරිමෙන් පසු අද (17) මියගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඉතාලියේ නාපෝලි පදිංචි බෘනෝ සවස්තායි (82) නැමැති අයෙකි.
පසුගිය (10) දා මෙම ඉතාලි ජාතිකයා නයිනමඩමේ පදිංචි තමන්ව බලා ගන්නා සේවකයකු සමඟ මෙරට සංචාරයකට පැමිණ තිබේ.
මැද නයිනමඩම ප්‍රදේශයේ පදිංචි එම ලාංකිකයා සමඟ මෙලෙස නිවාඩුව ගත කරමින් සිටියදී මාරවිල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
මෙම ඉතාලි ජාතිකයා සෑම වසරක සිට තමන්ව රැකබලා ගන්නා ලාංකික සේවකයා සමඟ මෙලෙස ලංකාවේ නිවාඩුව ගත කිරිමට පැමිණෙන තිබේ.
මෙම ඉතාලි ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් ලංකාවේ පිහිටි ඉතාලි තනාපති කාර්යාලය දැනුවත් කර ඔවුන්ගේ අවසරය මත මාරවිල රෝහලේ දි පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නිවාඩුවට ආ ඉතාලි ජාතිකයා හදිසියේ අසනීපවී මරුට