හිරාන් ප්‍රියංකර ජයසිංහ
නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එස්.එම්.අයි සංජීව සේනාධිපති මහතා අද තේරී පත් විය.
වයඹ පළාත් පාලන කොමසාරිස් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නවගත්තේගම ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ දී අද නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්විණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභිකයින් 7ක් ද, එක්සත් ජාතික පක්ෂයෙන් පස් දෙනෙක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙදෙනෙක් සහ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් එක් මන්ත්‍රිවරයෙක් ද පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් නවගත්තේගම ප්‍රාදේශීය සභාවට තේරී පත්වූහ.
සභාපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්දයක් පැවැති අර එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වූ එච්.එම්.ඒ.කුමාර ගුණතිලක මහතාට ලැබුණේ ඡන්ද හයක් පමණි. පොදුජන පෙරමුණේ එස්.එම්.අයි .සංජීව සේනාධිපති මහතා ජන්ද 10 ක් ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මන්ත්‍රිවරු තිදෙනාම පොහෙට්ටුවට සහාය ලබා දුන්හ.
මෙහිදි උප සභාපති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රියන්ත වඩිගමංගාව මහතා පත් විය.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවගත්තේගම සභාපති පොහොට්ටුවෙන් - උප සභාපති ශ්‍රීලනිපයෙන්