IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නාවික හමුදා කිමිදුම්කරුවෝ සියඹලන්කොටුව සොරොව්වේ දෝෂය සකසති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
මූන්දලම සියඹලන්කොටුව ජලාශයේ සොරොව්වක ඇති වූ දෝෂයක් කඩිනමින් සකස් කර දීමට නාවික හමුදා කිමිදුම්කරුවන් කටයුතු කළ බැවින් අක්කර 500 ක පමණ වන ගොයම බේරා ගැනීමට හැකිවූ බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඒ. එම්. ආර්. එම්. එන්. කේ. අලහකොන් මහතා පැවසීය.
 
සියඹලන්කොටුව ජලාශයේ දකුණු සොරොව්වේ ඇති වූ දෝෂයක් කඩිනමින් සකස් කර දෙන ලෙස පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය විසින් නාවික හමුදා මූලස්ථානයෙන් ඉල්ලීමක් කර තිබේ. 
 
කල්පිටිය විජය නාවික හමුදා කඳවුරේ කිමිදුම්කරුවන් අඩි 10 ක් පමණ වූ මෙම සොරොව්වේ ගැඹුරු දියේ කිමිදී එය නැවත තිබූ ආකාරයට සකස් කර ඇත.
 
මේ හේතුවෙන් අවධානමට ලක්ව තිබූ අක්කර 50 පමණ පැළ ගොයම බේරාගැනීමට හැකි වූ බව දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කමල් විජයරත්න මහතා පැවසීය.



අදහස් (0)

නාවික හමුදා කිමිදුම්කරුවෝ සියඹලන්කොටුව සොරොව්වේ දෝෂය සකසති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site