IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


නාවික හමුදාව බාරයේ තිබූ ට්‍රෝලර් යාත්‍රා 5 ක් ඉන්දියාවට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 05 ක් යළි එරට එරට බාර දීම සිදුකෙරිණි.

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ට්‍රෝලර් යාත්‍රා 5 ක් බාරදීම සිදුවිය.

මෙම ට්‍රෝලර් යාත්‍රා කරෛයිනගර්, ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනයේ ජැටියෙහි නැංගුරම් ලා තිබිණි. 
 
එම ධීවර යාත්‍රා අළුත්වැඩියා කිරීම සඳහා ඉන්දියාවට අයත් ඉංජිනේරුවන් පිරිසක් පසුගිය දිනවල ශ්‍රී ලංකාවට පැමිණියේය.
 
ඒ අනුව, එම ට්‍රෝලර් ධීවර යාත්‍රාවන්හි අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් පසුව එරට බලා පිටත්විය.
 
එම ට්‍රෝලර් ධීවර යාත්‍රා බාරදීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් ද එක්වූහ. 
 
ඒ අනුව, ඔවුන් කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ‘අමේයා’ නෞකාව වෙත බාර දීමට කටයුතු කෙරිණි.

(28535)
 
 
(ඡායාරූප නාවික හමුදා මාධ්‍ය අංශය)



අදහස් (0)

නාවික හමුදාව බාරයේ තිබූ ට්‍රෝලර් යාත්‍රා 5 ක් ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32045 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14514 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11243 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 32 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 293 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site