වැලිසර නාවික කඳවුරේ පිහිටුවා ඇති වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි නිෂ්පාදනය කරන ලද වේව් රයිඩර් වර්ගයේ යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍යය වෙත බාරදීමේ උත්සවය අද (1) කොළඹ, වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී සිදු කෙරිණි.
එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ සීෂෙල්ස්හි උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් මහතා සහභාගී විය.
එම අවස්ථාව සඳහා සීෂෙල්ස් රජය නියෝජනය කරමින් සීෂෙල්ස් වෙරළාරක්‍ෂක බළකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් කර්නල් සයිමන් ඩයින්, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා යන මහත්වරු සහභාගී වුහ.
වැලිසර පිහිටි නාවික හමුදා යාත්‍රා නිෂ්පාදන වැඩපලෙහි නිපදවනු ලබන යාත්‍රා අන්තර්ජාතික ප්‍රමිතිකරණයන් සහිතව නිෂ්පාදනය කරනු ලබන අතර එය මුළුමනින්ම ශ්‍රී ලංකා නාවික හමුදා තාක්ෂණය භාවිතයෙන් හා නාවික ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරේ.
2016 වර්ෂයේදී ද නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද යාත්‍රා කිහිපයක් නයිජිරියානු රාජ්‍ය වෙත ලබා දීමට ද කටයුතු කරන ලදී.
එමෙන්ම සීෂෙල්ස් රාජ්‍ය වෙත බාර දෙන ලද මෙම නාවික යාත්‍රා 2018 ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදනය කිරීම ආරම්භ කළ අතර ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරුවන්ගේ තාක්ෂණ ප්‍රයෝජනයට ගනිමින් ඉතා කෙටි කාලයක් තුළ මෙම යාත්‍රා නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී ඇත.
(28535)
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය




2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවික හමුදාව නිපදවූ යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍යයට