IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නවක වදයට විරුද්ධ වූ සිසුවෙකුට පහරදී රෝහලේ

(චමිල් රූපසිංහ)

පේරාදෙණිය සරසවි උයන විද්‍යාලයේ නවක වදයට විරුද්ධ වූ 12 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම පාසලේම 13 වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් පහරදීම හේතුවෙන් එම සිසුවා අද (19) පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

පහර දීමෙන් රෝහල් ගත කර ඇත්තේ සරසවි උයන විද්‍යාලයේ උසස් පෙළ සඳහා 12 වසරට තේරී පත්වූ පේරාදෙණිය දොඩම්පිලපිටිය ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.

පසුගිය 17 වන දින විද්‍යාලයේ වාණිජ අංශය සඳහා නවක සිසුන් පිළිගැනීමේ උත්සවයක් 13 වසරේ සිසුන් විසින් සංවිධානය කර තිබූ බවත් එදින එම උත්සවය අවසානයේදී 13 වසරේ ඉගෙනුම ලබන සිසුන් විසින් පහරකෑමට ලක් වූ සිසුවා නවක වදයට ලක් කිරීමේදී එයට විරුද්ධ වීම නිසා ඇති වූ ආරවුල පාසලේ ගුරුවරුන් විසින් සාමදානයට පත් කර ඇත.

අද (19) උදෑසන මෙම සිසුවා පාසලට පැමිණිමේදී නැවත 13 වසරේ සිසුන් විසින් පහර දීම හේතුවෙන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර රෝහලට මාරු කර යවා ඇති බව පොලිසිය පැවසීය.

පේරාදෙණිය පොලිසිය මගින් මෙම සිසුවාට පහරදුන් සිසුන් අත් අඩංගුවට ගැනීමෙන් පසු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහනුවර අධිකරණයේ මහේස්ත්‍රාත් දුමින්ද පි මුදුන්කොටුව මහතා විසින් මෙම සිසුන්ට තරයේ අවවාද කර ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කිරීමට නියෝග කළේය.



අදහස් (0)

නවක වදයට විරුද්ධ වූ සිසුවෙකුට පහරදී රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site