(රංජිත් රාජපක්ෂ)
මස්කෙලිය ප්‍රාදේශීය සභාව මගින් නල්ලතන්නිය නගරයේ පවත්වාගෙන යන පොදු රථ ගාලට ජල සම්පාදන මණ්ඩලය මගින් ලබා දී තිබූ ජල සම්බන්ධතාව අද (16) විසන්ධි කිරීම හේතුවෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් දැඩි අපහසුතාවයට පත් වී ඇති බව නල්ලතන්නිය ප්‍රදේශවාසීහු පවසති.
ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් එම පොදු රථ ගාල තුළ වාහන ගාල් කර එම රථ ගාල තුළ ඉවුම් පිහුම් කටයුතු කරන බවත් ඇතැම් වන්දනාකරුවන් එම පොදු රථ ගාල තුළ ආහාර පාන අනුභව කරන බවත් ඒ සඳහා පොදු රථ ගාලේ සවි කර ඇති පොදු ජල කරාම මගින් ජලය ලබා ගන්නා බවත් නල්ලතන්නිය ප්‍රදේශාවාසීහු කියති.
නල්ලත්නිය ජල පොම්පාගාරය මගින් නල්ලතන්නිය නගරයට පානීය ජලය ලබා දෙන බවත් එම ජල පොම්පාගාරය මස්කෙලිය ජල සම්පාදන මණ්ඩලය මගින් පාලනය වන බවත් ප්‍රදේශවාසීහු කියා සිටිති.
මේ සම්බන්ධයෙන් ජල සම්පාදන මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික් ඉංජිනේරුවරයාගෙන් අප කළ විමසූමකදී ඔහු කියා සිටියේ නල්ලතන්නිය පොදු රථ ගාල වෙත ලබා දී ඇති ජල සම්බන්ධතාවලට ඉකුත් වසර සඳහා අඹගමුව ප්‍රාදේශීය සභාව රු 40,000 කට ආසන්න හිඟ ජල බිල්පතක් ගෙවීමට ඇති බවයි.
එම මුදල අය කර ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී අදාල ප්‍රාදේශීය සභාවට ලිඛිතව දැනුම් දුන්නද ඒ සඳහා කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වීමේ හේතුවෙන් මෙම පොදු රථ ගාලට ලබා දී තිබූ ජල සම්බන්ධතා දෙක විසන්ධි කළ බව ජල සම්පාදන මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික් ඉංජිනේරුවරයා පැවැසීය.
නල්ලතන්නිය නගරයේ තොරාගත් ස්ථාන කිහිපයක ටැංකි යොදා ගනිමින් වන්දනාකරුවන් වෙනුවෙන් පානීය ජලය ලබා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නල්ලතන්නියේ ජල සම්පාදනය විසන්ධි කිරීමෙන් ශ්‍රී පාද වන්දනාකරුවෝ අපහසුතාවයට පත් වෙති