(ප්‍රසන්න පත්මසිරි)
බිබිල නිල්ගල වන රක්ෂිතයේ පුවක්පැලේ වන ප්‍රදේශය අද (17) සවස ගිනිගැනිම නිසා අක්කර සියයක පමණ භුමියේ ගස් වැල් ගින්නෙන් දැවීගොස් ඇත.
බුද්ධදාස රජුගේ ඔසු උයන නමින් හදුන්වන නිල්ගල ඖෂධීය වනයේ අරළු,බුළු,නෙල්ලි කුඩුම්බේරිය කොළ, බිම් කොහොඹ ඇතුලු ඖෂධ ශාක හා කළුවර, බුරුත, ගම්මාලු, ඇතුලු වටිනා දැව ගස් හා අලි, කොටි, වළසුන්,වල්ඌරන්, මිමින්නන්, හාවුන්, මුවන්, ගෝනුන්, පක්ෂීන් හා උරගයින් ඇතුලු දුර්ලබ වර්ගයේ වන සතුන් විශාල වශයෙන් වෙසෙන අක්කර හැටපන්දහසක වනයකි.
බිබිල අඩවි වන නිළධාරී අතුල දිවාරත්න මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ වනය ගිනි ගන්නා අවස්ථා වලදී වන අඩවි කාර්යාලයේ නිළධාරීන් එක්ව ගින්න නිවා දමන බවයි. නියං කාලයේදී සුළඟ නිසා පැතිරී යන ගින්න නිවන්න අසීරු බවද පැවසීය.

2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිල්ගල රක්ෂිතයේ ගින්නක්