IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නොර්වුඩ් ත්‍රීරෝද රථ අනතුරෙන් 5කට බරපතල තුවාල

රංජිත් රාජපක්‍ෂ 
 
බගවන්තලාවේ සිට මස්කෙළිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් අනතුරට පත්විමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් පස් දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා බගවන්තලාව ප‍්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසයි. 
 
අද (13) පස්වරු 4.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ නොර්වුඩ් සෙන්ජොන් ඩිලරි ප‍්‍රදේශයේදීය. 
 
අධීක වේගයෙන් ධාවනය වි ඇති ත්‍රීරෝද රථය වංගුවක් පසුකර යෑමට උත්සහ කිරීමේදී වේගය පාලනය කර ගත නොහැකිව ප‍්‍රධාන මාර්ගය අභියස තිබූ පස් කන්ඩියක හැපි මෙම අනතුර සිදුවී ඇති බව අනතුර පිළිබඳ පරික්‍ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය පවසයි. 
 
ති‍්‍රරෝද රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි පස් දෙනෙකු ගමන් කර ඇති බවත් ඔවූන් බගවන්තලාව ප‍්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවී නිවස කරා යන අවස්ථාවේ මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි. 

තුවාල ලබා රෝහල් ගත කළ අයගෙන් එක් තුවාලකරුවෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කර තිබේ. 

අධික වේගය සහ ති‍්‍රරෝද රථය පමණට වඩා මගින් සමඟ ධාවනය කිරීම මෙම අනතුරට හේතුව  බව අනතුර පිළිබද පරික්‍ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය පවසයි.



අදහස් (0)

නොර්වුඩ් ත්‍රීරෝද රථ අනතුරෙන් 5කට බරපතල තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site