IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නොරෝච්චෝලේ බලාගාරයේ ආරක්ෂාවට නාවික හමුදාව යොදවයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ  ආරක්ෂාව සඳහා නාවික හමුදා  කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර්  ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසයි. 
 
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ ආරක්ෂාව ප්‍රමාණවත් මට්ටමක නොතිබීම හේතුවෙන් බලාගාරය පිටත සහ අභ්‍යන්තරයේ ආරක්ෂාව තර කිරීමට නාවික හමුදා කණ්ඩායම් යෙදවූ බව ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසා සිටියේය. 
 
 ඒ අනුව ලක් විජය බලාගාරයට ඇතුළුවන සියලු වාහන සහ පිරිස් දැඩි පරීක්ෂාවට ලක්කරන බවද බලාගාරය අවට නිරීක්ෂණය ඇතුළු කටයුතු නාවික හමුදාව මගින් සිදුවන බවද ඒ මහතා කියයි. 
 
නාවික හමුදාවේ සහායට පොලිස් විශේෂ කාර්ය බළකාය ද එක්ව සිටින බවද ඔහු පැවසීය. 
 
ලක් විජය බලාගාරයට ඉහළින් දින දෙකක් උඩු ගුවනේ සැරිසැරූ ඩ්‍රෝන යානාවන් පිළිබඳව ද ආරක්ෂක අංශ අවධානය යොමු කර ඇත. එවැනි යානා සැරිසැරුවහොත් ඒවා බිම හෙළීමට නාවික හමුදාවට සහ පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ආයුධ ලබා දී තිබෙන බවද නොරෝච්චෝලේ පොලිසිය පවසයි. 



අදහස් (1)

නොරෝච්චෝලේ බලාගාරයේ ආරක්ෂාවට නාවික හමුදාව යොදවයි

karolis Monday, 29 April 2019 08:45 AM

මේකට නම් බෝම්බ ඕනෙත් නෑ. නිකනුත් කැඩෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32267 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14763 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 81 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 357 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1278 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site