
(එස්.ඩි.කොඩිකාර )
පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් සහ ඌරු මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ අද (16) අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ දියදාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයන් බව කොටපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.එම්.වීරසිංහ මහතා පැවසීය.
මෙම ඌරු මස් සහ කුකුල් මස් නියමිත උෂ්ණත්වයේ පවත්වා නොගෙන ප්‍රවාහනය කරමින් සිටි බවත් ඒවා කුලියාපිටිය ප්‍රදේශයේ සිට දෙනියාය ප්‍රදේශයේ වෙළඳසැල් වලට බෙදාහැරීම සඳහා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බවත් ඒ මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් මස් තොගය මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිතුනආරච්චි මෙනවිය වෙත අද (16) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒවා භූමිතෙල් යොදා විනාශ කරන ලෙස නියෝගකළ අතර නඩුව ලබන (24) වැනිදා දක්වා කල් තැබිණි.
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නරක් වූ ඌරු මස් - කුකුල් මස් තොගයක් භූමි තෙල් යොදා විනාශ කරයි
arschfikaa Thursday, 16 July 2020 09:50 PM
අනේ අපරාදේ ඔය මස් අපතේ දාන්න එපා...