IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නාය යාමේ අවදානමක් නිසා පවුල් 81ක් ඉවතට

ඩබ්ලිව්.ඒ. අසේල
 
පවතින අධික වර්ෂවත් සමඟ පස්ගම උඩුමුල්ල ගම්මානය නාය යෑමේ දැඩි අවධානමක් හටගෙන ඇති නිසා  එහි පදිංචි පවුල් දාහතක (17) 81 දෙනකු ඊයේ රාත්‍රියේ සිට එම ස්ථානයෙන් ඉවත් කොට තාවකාලිකව හේවාවිස්ස විදුහලේ නවාතැන් පහසුකම් සලසා ඇත.
 
මේ දින වල පවතින අධික වර්ෂාවත් සමග තරල්වාන කන්දේ සිට ඇද හැලෙන උඩුමුල්ල කදුරෙන් විශාල ජල කදක් පහලට ඇද හැලෙන අතර ඊයේ රාත්‍රි නිවාස කිහිපයක් ඇතුලටද ජලය ගලා විත් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
 
ඔලුවාවත්ත උඩුමුල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති අතර සමහර ස්ථාන වල විශාල ගල් පෙරලී   මාර්ගයද ගිලා බැසීමට ලක්වී ඇත.
 
පසුගිය අධික වර්ෂාව සමයේද ඕළුවාවත්ත ගම්මානයේ සිදුවූ  නාය යෑමක් නිසා විශාල ගලක් පෙරලීමෙන් නිවාස කිහිපයකට දැඩි අලාභ හානි සිදුවිය.
 
පාත හේවාහැට ප්‍රාදේශීය ලේකම් මධුපානි පියසේන මහත්මියගෙන් මේ පිළිබදව විමසීමේදි ප්‍රකාශ කළේ හේවාවිස්ස විදුහලේ තාවකාලික නවාතැන් ගෙන සිටින සියලු දෙනාට පිසූ ආහාර හා වියලි ආහාර ලබා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බවයි.  



අදහස් (0)

නාය යාමේ අවදානමක් නිසා පවුල් 81ක් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site