IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


නාය ගිය නග්රැක් මාර්ගය සතියක් තිස්සේ වසාදමලා

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

ඉඹුල්පේ නග්රැක් මාර්ගයේ නායගිය කොටස යථා තත්වයට පත්කිරීමට බාධා එල්ල වීම හේතුවෙන් සතියක පමණ කාලයක් මාර්ගයේ ගමනාගමන කටයුතු සිදුකරගත නොහැකිව ජනයා පීඩාවට පත්ව ඇතැයි ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා කියයි.
 
ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් නන්පෙරියල් නග්රැක් මාර්ගයට කඩාවැටුණු පස්කන්ද ඉවත්කිරීම සඳහා යන මාර්ගය නන්පෙරියල් ප්‍රදේශයෙන් ගේට්ටුවක් යොදා වතු කළමනාකාරීන් වසා දමා ඇතැයිද හෙතෙම පවසයි.
 
මේ හේතුවෙන් නන්පෙරියල් වතුයායේ පදිංචි පවුල් 45ක ජනතාවට සතියක් පමණ කාලයක පටන් කිලෝමීටර් 10ක පමණ දුර ප්‍රමාණයක් පයින් ගමන් කිරීමට සිදුව ඇති බව ඔවුහු පවසති.


මේ සම්බන්ධයෙන් ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ කීය.


“ඉඹුල්පේ නන්පෙරියල් නග්රැක් මාර්ගයේ, නන්පෙරියල් ප්‍රදේශය දක්වා කොටස පාලනය වන්නේ සබරගමු පළාත් සභාව මගිනුයි. නන්පෙරියල් සිට නග්රැක් දක්වා කොටස ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන කිලෝමීටර් 14ක පමණ කොටසක් තිබෙනවා.


නන්පෙරියල්  ප්‍රදේශය  පසුකර නග්රැක් ප්‍රදේශයට  කිලෝමීටර්  මීටර් හතරක්  පමණ  ගිය පසු  විශාල පස්කන්දක් කඩා වැටිලා  මාර්ගය  සම්පූර්ණයෙන්ම අවහිර වුණා.  පස්කන්ද  නිසා  මාර්ගය  සතියක පමණ  කාලයක් අවහිරව තිබෙන්නේ. මේ නිසා  නග්රැක් ප්‍රදේශයේ ජීවත්වන පවුල්  45කට අයත්  140ක සාමාජිකයන්ගේ   දෛනික ගමන් බිමන් අඩාල වෙලා. පස්කන්ද  ඉවත්  කිරීම  සඳහා  බැකෝ යන්ත්‍ර අපිට  ගෙනියන්න  විදිහක්  නැහැ. මොකද  නන්පෙරියල් ප්‍රදේශයෙන්  ගේට්ටුවක්  දමා  එම ස්ථානයෙන්  වාහන  ඇතුළු  කිරීම  තහනම්  කියලා  වතු  කළමනාකාරිත්වය  විසින්  පාර  වහලා.‍
 

ඊයේ (16) සවස  මම එම  පස්කන්ද ඉවත්  කරන්න කටයුතු යොදන්න එතැනට  ගියා. ඒ  යන විට   බලන්ගොඩ  සහකාර ⁣පොලිස් අධිකාරිවරයාගේ  අණ පරිදි  වාහන ඇතුළු කිරීම  තහනම්  යනුවෙන් නන්පෙරියල් ප්‍රදේශයේ  නාම  පුවරු  සවි කරල තිබෙනවා. මේ ගැන පොලිස් අධිකාරීවරයා හා  සහකාර ⁣පොලිස් අධිකාරිවරයාගෙන් විමසුවාම  ඔවුන් කීවේ තමා එහෙම අණකිරීමක්  කර නොමැති බවයි. මෙය සහකාර ⁣පොලිස් අධිකාරිවරයාගේ  තනතුරත් අවභාවිතා  කිරීමක්.  ගේට්ටුව අයින්  කර තුරු  අවහිර වී ඇති මාර්ගයේ පස්කඳු ඉවත්කරන්න  හැකියාවක්  නැහැ” යැයිද කීය.



අදහස් (0)

නාය ගිය නග්රැක් මාර්ගය සතියක් තිස්සේ වසාදමලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 340 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 173 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site