( හැටන් රංජිත් රාජපක්ෂ)
තලවකැලේ නගරයේ වනිගසේකර පෙදෙස නගර සභ නිවාස ව්‍යාපෘතියට අදාළ ඉහළ කොත්මලේ ජලාශයට නායයාමේ අවදානමක් පවතින බව පවසමින් එම ගම්මානයේ පදිංචිකරුවන් පිරිසක් අද (20) උදැසන තලවකැලේ නගර මධ්‍යයේදි උද්ඝෝෂණයක නිරත විය.
ඉහල කොත්මලේ ජලාශය ඉදි කිරිමේදි වනිගසේකර පෙදෙසේ පිහිටි ජලාශ මායිමේ ආරක්ෂිත පැති බැම්මක් ඉදිනොකිරිම නිසා මේ වනවිට එම ගම්මානයේ ස්ථාන කිහිපයකින්ම ජලාශයට නායයාමට පටන්ගෙන ඇති බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා කියා සිටියි.
ඉහල කොත්මලේ ජලාශය ඉදි කිරිමේදි ස්ථාන කිහිපයකට පමණක් ආරක්ෂක පැති බැමි ඉදි කර ඇතත් වනිගසේකර පෙදෙස නගර සභා නිවාස ව්‍යාපෘතිය ආසන්නයේ ජලාශ මායිමේ ආරක්ෂිත පැති බැම්මක් ඉදිකරන ලෙස එවකට ව්‍යපෘති භාරව සිටි අධ්‍යක්ෂකවරයාට අවස්ථා කිහිපයකදී ලිඛිතව හා වාචිකව දැනුම් දුන්නත් එයට මේ වනතෙක් කිසිඳු විසඳුමක් ලබා නොදුන් බවයි අශෝක සේපාල මහතා චෝදනා කරයි.
එම නිවාස යෝජනා ක්‍රමයට මායිම්ව තලවකැලේ නගරය, තලවකැලේ පොලිසිය, මුස්ලිම් පල්ලිය හා සිංහල ප්‍රාථමික විද්‍යාලයද පිහිටා ඇති අතර එම නිවාස යෝජනා ක්‍රමය නිවාස 85 කින් සමන්විත වෙයි.
මෙම නායයාමේ අවධානමකට ලක් වී ඇති වනිගසේකර පෙදෙස නගර සභා ව්‍යාපෘතියේ පදිංචිකරුවන් වෙනත් ආරක්ෂිත ස්ථානයකට පදිංචි කිරීමට හෝ එම නිවාස ව්‍යාපෘතියට ආසන්නව තිබෙන ජලාශ මායිමේ ආරක්ෂිත පැති බැම්මක් ඉදිකර දෙන ලෙස තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘති භාර නිලධාරින්ගෙන් ඉල්ලා සිටියි.




2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නායයාමේ අවදානමක් පවතින බව පවසමින් තලවකැලේ උද්ඝෝෂණයක්