IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නියෝජ්‍ය විදුහල්පති ඇතුළු 6 කට මාසයක් විරෝධතා තහනම්

ගින්නෙලිය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු මවුපියන් හය දෙනකුට ඌරුබොක්ක පොලිස් වසම තුළ මාසයක කාලයක් ගතවන තුරු විරෝධතා සංවිධානය කිරිම, පැවැත්වීම සහ සහභාගීවීම වළකවාලමින් මොරවක මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවා ඇති බව ඌරුබොක්ක පොලිසිය පවසයි.

පසුගිය සිකුරාදා ඌරුබොක්ක ඇඹිලිපිටිය ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමන් කළ නොහැකි අන්දමින්  ගින්නෙලිය මහා විද්‍යාලය ඉදිරිපිට දී පාරේ උද්ඝෝෂණ විරෝධතා දෙකක් පැවැත්වීමෙන් මහජන සාමය කඩවීම සහ පොදු ගමනාගමනය ඇණහිටි බවත්, එවැන්නක්  යළි ඇති නොවීම සඳහා ක‍්‍රියා කිරීමට මෙම තහනම් නියෝගය ඌරුබොක්ක පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ ඉදිරි දිනවල දී ද විරෝධතා උද්ඝෝෂණ පැවැත්විය හැකි බව සැකකරමිනි.

ඒ අනුව ගින්නෙලිය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පී.ජී.අමරපාල ගම්වැසියන් වන එස්.එම්.වී. ආරියසේන, දිල්පිට විතාරණගේ අනුර, ජාගොඩගේ ආනන්ද, ජී.ඩී. සුදර්ශනී දමයන්ති, ගම්හේවාගේ ශ‍්‍රීයානි යන අයට මෙම තහනම පනවනු ලැබුහ.

ගින්නලිය මහා විද්‍යාලයේ ඉදිකරගෙන යමින් තිබූ දෙමහල් ගොඩනැගිල්ලක් අතරමග නවතා දැමීම නිසා විද්‍යාලයේ පන්ති පැවැත්වීමට ඉඩකඩ මදිකමත් එය තනා දෙන ලෙස වසරකට වැඩි කාලයක් කළ ඉල්ලීම් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් නොතකා හැරීමට එරෙහිව පසුගිය සිකුරාදා (27) විදුහල ඉදිරිපිට මාර්ගය ඇඹිලිපිටිය පැත්තෙන් හරස්කර පාසල් දරුවෝ ටයර් ද පුලූස්සමින් විරෝධතාවේ නිරතව සිටියහ. එම මාර්ගය ඌරුබොක්ක පැත්තෙන් මව්පියෝ හරස්කර විරෝධතා දැක්වුහ. 



අදහස් (0)

නියෝජ්‍ය විදුහල්පති ඇතුළු 6 කට මාසයක් විරෝධතා තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 677 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2343 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1726 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site