IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නියඟය හේතුවෙන් අනුරාධපුර වැව් රැසක් සිදි යයි

(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර දිස්ත්‍රික්කයේ  පවතින දැඩි නියඟය හේතුවෙන් කුඩා වැව් තුන්දහසක් සහ මහවැව් දහයක පමණ ජලය සිඳි යාම හේතුවෙන් මෙවර යල කන්නයේ වි වගාව ඉතා අවධානම් මට්ටමක පවතින බව වාරිමාර්ග බලධාරිහු පවසති.

 
දැඩි නියඟය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙම වැව්වල ඇති ජලය දිනකට සියයට පහකට අධික ප්‍රමාණයක් වාෂ්ප වි යාමත් වර්ෂාව නොලැබිමත් මිට හේතුවි තිබේ.
 
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැව් 14න් සියයට 50කට වඩා වැඩි ජලධාරිතාවයක් රැඳි ඇත්තේ තුරුවිල සහ අංගමුව යන ජලාශ වල පමණි. තුරුවිල ජලාශයේ සියයට 64ක්ද අංගමුව ජලාශයේ සියයට 51ක ජල ධාරිතාවයක් රැඳි තිබේ.
 
නුවරවැවේ සියයට 29ක්ද තිසාවැවේ සියයට 29ක්ද මහකනදරාවේ සියයට 34ක්ද රාජංගනයේ සියයට 46ක්ද හුරුලුවැවේ සියයට 23ක්ද මානන්කට්ටිය වැවේ සියයට 25ක්ද නාච්චාදුව වැවේ සියයට 41කක් වශයෙන්ද ජලය රැඳි ඇති බව අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එම්.ඩබ්ලිව්පි.ද.සිල්වා මහතා සඳහන් කරයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි කුඩාවැව් සියයට 90ක් පමණ මේ වන විට සම්පුර්ණයෙන්ම සිදි ගොස් ඇති බව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින මෙම දැඩි නියඟය හේතුවෙන් වඩාත් පිඩාවට පත්ව ඇත්තේ මහවිලච්චිය ප්‍රදේශයේ ගොවි ජනතාවයි.මහවිලච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් විසිහතර දහසක් පමණ නියඟයෙන් පිඩාවට පත්ව ඇතිබව ප්‍රාදේශිය ලේකම් ඊ.ආර්.තිලකරත්න මහතා සඳහන් කරයි.  
 
මහවිලච්චිය වැව සිදි ගොස් ඇති බවත් ප්‍රදේශයේ ළිං සිඳි ගොස් ඇති බවත් ප්‍රාදේශිය ලේකම්වරයා පැවසිය.



අදහස් (0)

නියඟය හේතුවෙන් අනුරාධපුර වැව් රැසක් සිදි යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 751 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2404 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site