IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


නියඟයෙන් උතුරේ ලක්ෂ තුනහමාරක් පීඩාවට


 
රොමේෂ් මධුෂංඛ

 
උතුරු පළාතට බලපා ඇති දැඩි නියං සහිත කාලගුණය හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 103,404 කට අයත් පුද්ගලයින් 357,767 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් පෙන්වා දෙයි.


දිවයිනේ සියලු පළාත් වලින් නියඟය හේතුවෙන් වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ උතුරු පළාත වන බවටත් ඉදිරියේ දී වර්ෂාව නොලැබෙන්නේ නම් මෙම විපතට පත් පිරිස් සීඝ්‍රයෙන් ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බවට ද පළාත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන මගින් පෙන්වා දෙයි.


මේ අනුව උතුරු පළාතේ පිහිටි දිස්ත්‍රික්ක පහ වන වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි හා යාපනය දිස්ත්‍රික්කයන්ගේ වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය වන අතර එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 ක ජීවත් වන පවුල් 30,425 කට අයත් පුද්ගලයින් 110,183 දෙනෙකු විපතට පත්ව ඇති අතර කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 කට අයත් පවුල් 33,185 කට අයත් පුද්ගලයින් 109,794 දෙනෙකු විපතට පත්ව ඇති අතර මන්නාරම් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 කට අයත් පවුල් 29422 කට අයත් පුද්ගලයින් 102,168 දෙනෙකු විපතට පත්ව ඇති අතර මුලතිව් දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6 කට අයත් පවුල් 8103 කට අයත් පුද්ගලයින් 27347 දෙනෙකු විපතට පත්ව ඇති අතර වව්නියාව දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 කට අයත් පවුල් 2269 කට අයත් පුද්ගලයින් 8276 දෙනෙකු විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයන් විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.


මේ අතර උතුරු පළාතට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් එහි ජනතාව වැඩි වශයෙන්ම පීඩාවට පත්ව ඇත්තේ පානීය ජල ගැටලුවකට වන අතර පානීය ජලය ලබා ගැනීම සඳහා මුළු දිනයේම වෙහෙසීමට සිදු වන බවටත් ඇතැම් අවස්ථාවන්හි විශාල දුරක් ගොස් පානීය ජලය සෙවීමට සිදුව ඇතැයි ද එහි වැසියන් වැඩි දුරටත් කියා සිටිති.



අදහස් (0)

නියඟයෙන් උතුරේ ලක්ෂ තුනහමාරක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31849 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14314 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11174 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1181 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site