IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


නියඟෙන් තේ ගස් ලක්ෂ 58ක් විනාශයි

(ජේ.කේ.එල් චාමින්ද)
 
නියං තත්වය හේතුවෙන්  මෙරට කුඩා තේ වතු හිමියන්ගේ තේ වගාබිම්වල   ඇති තේ ගස් ලක්ෂ 58ක් පමණ විනාශවී ඇති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති මහින්ද විදානපතිරණ මහතා පවසයි.
 
පෙබරවාරි සහ මාර්තු මාසවල තේ දලු අස්වැන්න අඩුවී ඇති නිසා  ආදායම අඩුවී ඇති බව පවසන සභාපතිවරයා  යම්කිසි මුදලක්  වන්දි වශයෙන් ලබා දෙන්නේ නම් ඒ සඳහා රුපියල් මිලියන 1187ක්  පමණ වැයවන බවට  ගණනය කර  ඇති බවද  හෙතෙම  සඳහන් කරයි.
 
මේපිළිබද තවදුරටත් අදහස් දක්වමින්  සභාපතිවරයා  මෙසේද කිවේය
 
“පසුගිය වර්ෂවල වෙනත් වගා සහනාධාර  නෙගෙවු රුපියල් මිලියන 300 විතර තිබුණා. 2019.12.31 වැනිදිනට ඒ සහනාධාර මුදල රමේෂ් පතිරන  ඇමතිතුමා හා කාංචන විජේසේකර  රාජ්‍ය ඇමතිතුමාගේ දැඩි උනන්දුව මත මහා භාණ්ඩාගාරයෙන් එම මුදල  අරගෙන ප්‍රාදේශීය කාර්යාල වෙත නිදහස් කරලා තියෙනවා.  එම මුදල් ඉඩම් හිමියන්ගේ බැංකු ගිණුම්වලට වැටෙනවා. නියඟය නිසා මේක ඉක්මන් කළා. දැනට පවතින නියං තත්වය තේ වගාකරුවන්ට වන බලපෑම පිළිබඳ සාකච්ඡාවක් අපේ ඇමතිවරුන් දෙපලගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ සඳහා කුඩා තේ වතු සංවිධානවල නියෝජිතයින් සහභාගි වුණා. එම සාකච්ඡාවේ දි අපි නිගමන කිහිපයක් ගත්තා. 

නියගය නිසා 5%ක් 10%ක්  අතර ප්‍රමාණයක පැළ මියගිහින්. දළ වශයෙන් ගතහොත් තේ පැළ 58 ලක්ෂයක් විතර. පාළු වගා සහනාධාර ක්‍රමයක් තියෙනවා. ඒ පැළ දෙන්නේ අවුරුදු 5ට වඩා අඩු පැළ වලට.  අලුත් පැළ තමයි විනාශවෙලා තියෙන්නේ. ඒ නිසා  අපි තීන්දුවක් ගත්තා පාළු වගා සහනාධාරය අවුරුදු දෙකකට වඩා අඩු තේ පැළවලට  ලබා දෙන්න. කුඩා තේ වතු හිමියන්ගේ පෙබරවාරි මාර්තු මාසවල තේ දලු අස්වැන්න අඩුවීම නිසා  ආදායම අඩුවීම වෙනුවෙන්  යම්කිසි මුදලක් ලබා දෙනවානම් ඒ සඳහා රුපියල් මිලියන 1187ක් විතර යන බව ගණනය කොට තියෙනවා. ලබන අඟහරුවාද  දින  මේ පිළිබඳව සාකච්ඡාවක් තියෙනවා. එහිදි තමයි මේ ගැන තීන්දුවක් ගන්න වෙන්නේ  කුඩා තේ වතුහිමියන් වෙනුවෙන් යම්කිසි සහනාධාරයන් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව වතුර මෝටර්  6000ක් තියෙනවා. කුඩා තේ වතු සමිති සමග  ගිවිසුමක්  අත්සන් කර එම වතුර මෝටර් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා” යැයිද කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කීවේය.



අදහස් (1)

නියඟෙන් තේ ගස් ලක්ෂ 58ක් විනාශයි

අබිලිං Sunday, 08 March 2020 01:00 PM

සභාපතිතුමා කියනවා සහනාධාරයක් දෙනවා කියලා. මෙයට පෙර කිව්වා පොහොර සදහා මුදල් බැංකුවට එවනවා කියලා. මටනම් කිසිම දිනක කිසිම දෙයක් ලැබිල නැහැ. මේවා දෙන්නේ කාටද කොහොමද පැහැදිලි කරන්න. ඒ වගේම කියන්න පුළුවන්ද මැරුණු ගස් ගණන ගණන් ගත්තේ කොහොමද කියලත්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31832 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14291 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11166 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 233 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1172 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 334 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site