( ක.ග කරුණාරත්න )
මේ දිනවල පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ වැලිකන්ද සහ දිඹුලාගලයන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ග‍්‍රාම නිලධාරී වසම් 10ක වෙසෙන පවුල් 1720 කට අයත් පුද්ගලයෝ 6000ක් පමණ පානීය ජල හිඟයෙන් පීඩා විඳින බව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඵ්කකය කියයි.
ඊට අමතරව වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයේ පාසැල් දෙකකටද මේ පානීය ජල හිඟය බලපා තිබේ.
එහි ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ගේ සංඛ්‍යාව 850 ක් පමණය.
පානීය ජල හිඟය බලපා තිබෙන ගම්මානවලට සහ පාසැල්වලට බීමට අවශ්‍ය ජලය බවුසර් මගින් බෙදාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව දිස්ත‍්‍රි ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය. ඒ සඳහා දිනකට අවශ්‍ය ජලය ප‍්‍රමාණය ලීටර් 75000ක් පමණ බවද ඵ් මහතා කීය.

2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නියගයෙන් පොළොන්නරුවේ පවුල් 1720 ක් පීඩාවට