IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නොමිලයේ වෘත්තිය පුහුණුව ග්‍රේරු පදනමෙන්

මොහාන් ලාල් ග්‍රේරු පදනම ආරම්භ කැර ඇති වෘත්තී පුහුණු පාඨමාලා නොමිලේ හැදැරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට අවස්ථාව  දෙන  බව ග්‍රේරු පදනම කියයි.

පරිගණක,විදුලි කාර්මික,ගුවන් විදුලි උපකරණ අලුත් වැඩියාව,විද්‍යානුකූල ඇඳුම් කැපීම හා මැසීම,ශිතකරණ,වායු සමීකරණ හා ශෘහ විදුලි උපකරණ අලුත් වැඩියාව, යන පාඨමාලා සඳහා වයස අවුරුදු 18 -30 අතර තරුණ තරුණියන්ට මේ සදහා අයදුම් කළ හැක.

මැයි 31 වැනිදාට පෙර , ‘නොමිලේ පවත්වන වෘත්තිය පුහුණූ පාඨමාලා,’ වෘත්තිය පුහුණු අධිකාරිය ,අංක 207/01/01,ගාලු පාර ,රත්මලාන යන ලිපිනයට අයදුම් පතක් එවීමෙන්   ලියා පදිංචි විය හැකි බවත්  011-4216591 දුරකතන අංකයෙන් වැඩි විස්තර ලබා ගත හැකි බවත් එම පදනම කියයි.

 

 



අදහස් (0)

නොමිලයේ වෘත්තිය පුහුණුව ග්‍රේරු පදනමෙන්

අනිස්ව Friday, 23 May 2014 09:38 AM

අපෝ මෙතුමාගෙන් ෆ්‍රී කාර්ඩ් එකක් ගන්න ඒ දවස්වල හරිම අමාරුයි. දේශපාලන ඉදිරි දැක්ම මත කරන දේවල්. (ස)

:       0       0

පසිදු Friday, 23 May 2014 10:43 AM

හැම කෙනාටම ෆ්‍රී කාර්ඩ් දෙන්නේ කොහොමද? ඒ කාලේ ගුරුවරු ගරාගෙන කන කොට, කුනුහරප වලින් ලමයින්ගෙ ඔලු පුරවනකොට. ග්‍රේරු සර් රුපියල් 20ට පන්ති කලේ.එක මතකද? අපේ ඔලු කැවේ නැහැ. (ස)

:       0       0

ලලිත් Monday, 26 May 2014 04:04 AM

එතකොට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඔයවගේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්නේ කවදද? (නදී)

:       0       0

පැතුම් Tuesday, 27 May 2014 09:57 AM

කුමාර ඇත්තටම මම ඔබත් එක්ක එකඟ වෙනවා. සේනාරත්න සර් දෙවි කෙනෙක්. සැහෙන දරුවෝ ප්‍රමාණයක් හොඳ මගට ගත්ත යතිවරයෙක්. දරුවන්ට පියෙක්. අපේ දරුවන්ගේ අවාසනාවකට එතුමා අප අතරින් වියෝවුනා. ග්‍රේරෝ සර්ට සේනාරත්න සර් වගේ වෙන්න තව කල්පයක්වත් යයි. (නදී)

:       0       0

දයා අළහකෝන් Wednesday, 21 May 2014 05:55 PM

ගරු මැතිතුමනි, අපේ ගම් දනවු ප්‍රදේශ ගැනත් පොඩ්ඩක් අවධානය යොමුකරන්න කියලා මම ඉල්ලා සිටිනවා (නි)

:       0       0

රුවන් කොටුවෙල්ලේ Tuesday, 27 May 2014 10:24 PM

මොනවද මේ " යටි අරමුණු?' කවුද මේ සේනාරත්න ? ඊර්ෂාව පැත්තකට දමා හොඳ දේ අගයන්න . මේක රටට අවශ්‍ය දෙයක් (ස) .

:       0       0

සම්පත් Tuesday, 27 May 2014 10:52 AM

එතකොට ගිහාන් ඔයත් සේනාරත්න සර් ගෙන් ඉගෙන ගත්තද?ග්‍රේරු සර් ගෙ නොමිලේ කොයි තරම් සේවා තියෙනවද?එත් ඔහු කවදාවත් මේ වැඩවලදි අපේ පක්ෂෙ අහන්නෙත් නැහැ.අපෙන් ඡන්ද ඉල්ලලත් නැහැ.වෙනස ඒකයි.මටත් අද රස්සවකට යන්න පුලුවන් උනේ මෙම මෝටර් කාර්මික පාඨමාලාවට පින් සිද්ධ වෙන්න.ඔබට පින් මැතිදුනි.(දිල්)

:       0       0

දර්ශා Thursday, 22 May 2014 03:11 PM

මම මෙතුමාගේ පන්තියක නොමිලේ ඉගෙන ගත්තා. 96/98 අවුරුදු වල. අද මම පිටරටක ඉහල වැටුපකට රැකියාවක් කරනවා. අදටත් මම ඔබ තුමාට ගරු කරනවා මට දුන් ඒ සහනය වෙනුවෙන්.(නදී)

:       0       0

ගිහාන් Tuesday, 27 May 2014 12:19 PM

ඔව් සම්පත්, සේනාරත්න සර් හොඳ අවංක මනුෂ්‍යයෙක්. ඔයාට එතුමාව අඳුනගන්න ලැබුණා නම් තේරෙයි. කිසිම යටි අරමුණක් නෑ. (ස)

:       0       0

අසෝකා Friday, 23 May 2014 01:53 AM

මෙවැනි දේ අගය කළ යුතුයි. ඒත් කොළඹට පමණක් සිමා නොකළ යුතුයි. (නි)

:       0       0

නිරෝෂා පෙරේරා Monday, 26 May 2014 10:05 AM

නොමිලයේ උගන්වන එක නම් හරිම හොඳය. මේ ආර්ථිකයත් සමග මුදල් ගෙවලා ඉගෙනගන්න හරිම අපහසුය. (අ)

:       0       0

ගිහාන් Monday, 26 May 2014 10:29 AM

පසිඳු, ග්‍රේරෝ සර් ආදර්ශයට ගත්තේ භෞතික විද්‍යාව කරපු සේනාරත්න සර්ව. ග්‍රේරෝ සර්ට වඩා සේනාරත්න සර් ගව් ගානක් ඉදිරියෙනුයි හිටියේ. සේනාරත්න සර් ඉගෙන ගන්න දරුවෝ ගැන හොඳින් බලපු කෙනෙක්, උදව් කල කෙනෙක් (නදී)

:       0       0

එරංග Friday, 23 May 2014 04:07 PM

වයස ටිකක් වැඩිකලොත් නරකද (අ)

:       0       0

ලතා Thursday, 22 May 2014 11:38 AM

එක පැත්තකට සීමා නොවී මුළුරටේම දියත් කරන්න. (ස)

:       0       0

පෙරේරා Friday, 23 May 2014 06:12 AM

ඔබට මාගේ සුභ පැතුම්! (නි)

:       0       0

කුමාර Tuesday, 27 May 2014 07:38 AM

සේනාරත්න සර් සහ ග්‍රේරෝ සර් සමාන කරන්න බැහැ. සේනාරත්න සර් දෙවි කෙනෙක්. යටි අරමුනු නැතිව වැඩ කර කෙනෙක්. අදීක්ෂන ඇමති අනික් ඇමතිලාට වඩා ටිකක් හොදයි (නදී)

:       0       0

චන්න Friday, 23 May 2014 09:26 AM

මෙතුමා අනෙකුත් දේශපාලකයන්ට ආදර්ශයක්. ඇයි මෙතුමා වගේ රට පුරා මන්ත්‍රී වරු 225ක් ඉන්නෙ? තව පළාත් සබා වල තව සිය ගනනක් ඉන්නෙ.එයාලත් මෙය ආදර්ශයට ගත්තා නම් වටිනා සේවයක් තරුණ පරපුරට කරන්න පුලුවන්. අවවාදයට වඩා ආදර්ශය උතුම්ය. ඔබේ ආදර්ශය හදවතින්ම අගය කරමි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 584 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site