(චමිල් රූපසිංහ)
පිළිමතලාව වරකාගොඩ ප්‍රදේශයේ ඉඩමක බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් නිධන් හැරූ පුද්ගලයින් හතර දෙනෙකු අද (07) අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ ගම්පල කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බවත් ඉඩම් හිමිකරු , කපුවෙකු සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් එම බලකායේ නිලධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාර කපුවා සතුව තිබූ දුරකතනයේ මැණික් වල ඡායාරූප ද තිබූ බව එම නිලධාරියා පැවසීය.
අත්අඩංගුවට ගත් ඉඩම් හිමියා පවසන්නේ තම ඉඩමේ ඇති ලිද හෑරීම සඳහා බැකෝ යන්ත්‍ර ගෙන ආ බවත් ඉඩම් හෑරීමට අදාල සියලු බලපත්‍ර හා ලියකියවිලි තමා සතුව ඇති බවත්ය.
බැකෝ යන්ත්‍ර දෙකක් , වතුර මෝටරයක් , දුරකතන තුනක් , ටැබ් පරිගණකයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා දවුලගල පොලිසියට බාරදීමට නියමිත බව එම බලකායේ උසස් නිලධාරියෙකු පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නිධන් හැරූ 4 ක් අත්අඩංගුවට