IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


නිධන් හෑරූ තිදෙනා රිමාන්ඩ්

( නිශාන්ත කුමාර )

රිදීමාලියද්ද පොලිස් වසමට අයත් ඔලගංගොඩ රක්ෂිතයේ කඳු යායක් මත   නිධානයක් හාරමින් සිටියදී සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා මෙම මස 30 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහියංගන වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද (23) නියෝග කළේය.
 
රිදීමාලියද්ද හා ඒ අවට ප්‍රදේශවල පදිංචි   අවුරුදු 20, 28 සහ 36 වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 
 මෙම පුද්ගලයින් තිදෙනා අද (30) අලුයම් කාලයේ  පැවැති මහ වැසි පවා නොතකමින් රිදීමාලියද්ද පොලිස් වසමට අයත් ඔලගංගොඩ පුරාණ විහාරස්ථානයට නුදුරින් පිහිටි රක්ෂියේ ගල් තලාවක් මත තිබූ තලගොයි සලකුණක් කඩා දමා එහි නිධානයක් හාරමින් සිටියදී   පොලීසිය වෙත ලද ඔත්තුවක් මත එහි ගිය පොලිස් නිළධාරීහු පිරිසක් ඔවුන් සතුව තිබූ ඇප නූල් , පූජාවට්ටි, මල් බුලත්තට්ටු  සහ ගල් ඉනි (අලවංගු) ඇතුළු ආයුධ තොගයක් ද සමඟ අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණ වීමට කටයුතු කර තිබිණි.
 
එහිදී පොලීසිය ඉදිරිපත්කල කරුණු සලකා බැලූ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනා මෙම මස 30 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කලේය. රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් එස්  බන්දුලසේන   මහතාගේ උපදෙස් පරිදි රිදීමාලියද්ද පොලිසියේ නිලධාරීහු වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති.
 
 
 



අදහස් (0)

නිධන් හෑරූ තිදෙනා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site