(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල බුබුල වත්ව ඉපැරණි විහාරස්ථානයක් ඉදිරිපිට පාලු වත්තක නිධන් හාරමින් සිටි බව කියන සැකකාර පුද්ගලයන් ති දෙදෙනෙකු නිධන් හෑරීමට යොදාගත් උපකරණ සමග බේරුවල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අද (2) අත්අඩංගුවට ගත් බව කියයි.
මෙසේ නිදන් හාරා ඇත්තේ බේරුවල පොලිස් වසමට අයත් බුබුළ වත්ත ප්‍රදේශයේ රබර් වගාවක් සහිත පාළු පුද්ගලික ඉඩමක බව පොලිසිය කියයි .
මෙම ඉඩමේ හිමිකාර පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ පදිංචි අයකු බවත් එම ඉඩමේ මුරකරු වන සැකකාර පුද්ගලයා මෙහි මහ මොළකරු බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මුන්හේන, බුබුළ වත්ත, සහ රොක්ලන්ඩ් වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් නිධන් හැරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු පලා ගොස් ඇති බවත් පොලීසිය එම ස්ථානය වැටලීමට පැය කීපයකට කලින් කිසියම් රසායනික ද්‍රව්‍යයක් යොදා එම ස්ථානයේ කළු ගලක් පුපුරවා හැර ඇතැයි ද පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි.
පලා ගොස් සිටින සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස් භාරයේ සිටින සැකකරුවන් තිදෙනා අද(2) කළුතර අධිකරණ යට ඉදිරිපත් කිරීමට නියමිත අතර නිධන් හෑරූ බව කියන භූමිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා අංශ වෙත දැනුවත්කර ඇතැයි ද පොලිසිය කියයි .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිධන් හැරූ තිදෙදෙනෙක් අත්අඩංගුවට