(ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව පොලිස් වසමට අයත් සියඹලෑව ප්‍රදේශයේ ඉඩමක ළිඳක් කපන මුවාවෙන් නිධන් හාරමින් සිටි කාන්තාවක ඇතුළු සිව්දෙනෙකු අද(19) අත්අඩංගුවට ගත් බවත් සාලියවැව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් කාන්තාව දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. සෙසු සැකකරුවෝ සියඹළෑව, බිංගිරිය හා ආණමඩුව ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් ඉඩමේ අඩි දහයක පමණ ගැඹුරු වළක් කපා ඒ තුළ තවත් අඩි පහක පමණ කුඩා වළක් හාරා තිබූ බවද පොලිසිය පවසයි.
උදලු, යකඩ ඉනි, සවල් ඇතුළු උපකරණ හා පූජා භාණ්ඩ තොගයක් ද කුලී මෝටර් රථයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
දින කිහිපයක සිට රාත්‍රි කාලයට ඉඩමේ කිසියම් නිධන් හාරන බවට පොලිස් බුද්ධි අංශය ලද තොරතුරක් අනුවම මෙම වැටළීම කළ බව පොලිසිය කියයි.
සැකකරුවන් සමග නඩු භාණ්ඩ පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 17
8
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
858
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2492
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
නිධන් හාරමින් සිටි සිව්දෙනෙකු අත්අඩංගුවට