IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


නිධානයක් හෑරීමට ගිය 8දෙනෙකු අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)

වලස්මුල්ල දලුවග්ගොඩ ප්‍රදේශයේ ඉඩමක නිධානයක් හෑරීමට සුදානම් වූ හිමි නමක් ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු අද (09) අත්අඩංගුවට ගත්බව වලස්මුල්ල පොලිසිය පැවසීය.

එම ප්‍රදේශයේම විහාරාධිපති හිමි නමක් , බේකරියක් පවත්වාගෙන යන පුද්ගලයෙකු , බේකරියේ සේවය කරන පුද්ගලයින් තිදෙනෙකු , කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු , ඉඩමේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව පොලිසිය කීය.

සැකකරුවන් සමඟ වතුර මෝටරයක් සහ පූජා භාණ්ඩ රැසක් ද එම ස්ථානයේ තිබී සොයාගත් බව පොලිසිය කීය.

පට්ටගොඩ වත්ත ප්‍රදේශයේ ඉඩමක නිධානයක් හෑරීමට සූදානම්වන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් අනුව වලස්මුල්ල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.

සැකකරුවන් හෙට (10) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

නිධානයක් හෑරීමට ගිය 8දෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31828 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14287 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11165 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 232 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1170 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 332 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site