IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිධානයක් හැරිමට ගිය තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට

(මොහොමඞ් බුහාර්ඩින්  - ගලේවෙල)  

ගලේවෙල කුඹුක්ගොල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස ලදු කැලෑවක ළිඳක් හාරන මුවාවෙන් අඩි 100 යට නිධානයක් හැරිමට උත්සාහ කල පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

ගලේවෙල පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතාට  අද (13) ලැබුණ තොරතුරකට අනුව විශේෂ පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් මෙම වැටලිම සිදුකරනු ලැබීය.

ගලේවෙල කුඹුක්ගොල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස ලදු කැලැවක ඉතා සුක්ෂම අයුරින් ළිඳක් හාරන මුවාවෙන් 100 යට දෝනාවෙන් නිධානය කැනීම් කරමින් සිටියදි සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පොලිසිය සමත් විය
සැකකරුවන් නිධානය හෑරීමට යොදාගත් ගල් විදින හැමර් යන්ත්‍ර 2ක් ඩෙටනේටර් හා පුපුරණ දුව්‍ය වතුර මොටරයක් ඇතුලු පූජා භාණ්ඩද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෙම ස්ථානයේ අඩි 100 යට මැණික් ගල් හා සුවර්ණාභරන නිධන් කර ඇතැයි කිසිවකු විසින් අඳුනකින් බලා පැවසීම නිසා මෙලෙස නිධානය හැරිමට සැකකරුවන් උත්සාහ කර ඇතැයි පොලිසිය පවසයි. සිද්ධියට සම්බන්ධ කපුවෙකු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරික්ෂන පවත්වාගනෙ යයි.

සැකකරුවන් කඩවත හා ගලේවෙල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුන් 14දා දඹුල්ල මහේස්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි



අදහස් (0)

නිධානයක් හැරිමට ගිය තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site