IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නෙදර්ලන්ත ජාතික තරුණියකට අතවර කළ සැකකරුවෙක් අත්අඩංගුවට


 
 
සුමතිපාල දීයගහගේ 
 
කොග්ගල මුහුදු වෙරළේ දී 26 හැවිරිදි නෙදර්ලන්ත ජාතික තරුණියකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් 25 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.


විවේකයක් ගත කිරිම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මෙම තරුණිය කොග්ගල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියි. 


එහි සිට කොග්ගල මුහුදු වෙරළේ ඇවිදිමින් සිටින විට එතැනට පැමිණි සැකකරු විදේශීය තරුණියට  ලිංගික අතවර කරන විට ඇය කෑගසා තිබේ. 


එවිට සැකකරු ත්‍රී රෝද රථයක නැගී පලා ගොස් ඇත. මේ පිළිබඳව එම තරුණිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු හබරාදුව නගරයේ ටයර් වෙළඳසැළක සේවකයකු බව අනාවරණය වී ඇත.


සැකකරු අද (10) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

නෙදර්ලන්ත ජාතික තරුණියකට අතවර කළ සැකකරුවෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site