(නිශාන්ත කුමාර)
ලොග්ගල්ලා ඔයේ මඩුගස්තලාව හිඟුර ප්‍රදේශයේ ගල් තලාවක ගල්වෙඩි දමා නිධානයක් ගැනීමට සූදානම්ව සිටියදී මඩොල්සිම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හත්දෙදෙනෙකු මේ මස 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (14) නියෝග කළේය.
මීළඟ උසාවි දිනයට සැකකරුවන් විසින් විනාශකරන ලද ස්ථානය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවක් ඉදිරිපත්කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙලෙස රක්ෂීත බන්ධනාගාර ගත කරන ලද්දේ මඩුගස්තලාව හිඟුර සහ කහටරුප්ප ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 23 -54 වයස්වල පසුවන පුද්ගලයින් හත් දෙනෙකි.
සැක සහිත පිරිසක් ලොග්ගල්ලා ඔයේ මඩුගස්තලාව මීගොන් වැටෙන බොක්කට පහලින් වූ ගල්තලාවක් ආසන්නයේ ගැවසෙන බවට මඩොල්සිම පොලිසිය වෙත ලද තොරතුරක් මත එහි ගිය මඩොල්සිම පොලිසියේ නිලධාරීන් පිරිසක් වැටලීම් සිදුකර සැකකරුවන් හා ඔවුන් සතුව තිබූ උපකරණ තොගය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සතුව තිබූ ඉල්ලංකූරක් ,කුළුගෙඩි දෙකක් , පුවක් මල් , පහන් ඇතුළු භාණ්ඩ තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත.
එම ස්ථානයේ ගල් වෙඩි හතරක් පුපුරුවා හැර තිබූ අතර එම ගලෙහි කොටන ලද නාග රූපයකටද දැඩි හානි සිදු කර ඇති බව පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නිදන් හෑරූ 7ක් රිමාන්ඩ්