IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නිදන් හැරූ අටක් අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ. ජයකොඩි)

නිට්ටඹුව මීවල ප‍්‍රදේශයේ ඉඩමක නිධානයක් ගැනීමේ අරමුණින් කැනීම් සිදු කළ බව කියන  පුද්ගලයින් අට දෙනෙකු ඒ සඳහා යොදාගත් ආයුධ , පූජා භාණ්ඩ ,මෝටර් රථයක් , ත‍්‍රී රෝද රථයක් සහ යතුරු පැදි දෙකක් සමඟ අද (23)  අත්අඩංගුවට ගත් බව  විරගුල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කලගෙඩිහේන, ගොරකාදෙනිය ,විදියවත්ත සහ රත්නපුර යන ප‍්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

යක්කල වීදියවත්ත ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් අක්කර හතක ඉඩමක් බලා ගැනීම සඳහා නිට්ටඹුව කලගෙඩිහේන ප‍්‍රදේශයේ පුද්ගයෙකුට භාර දී ඇති අතර මෙම ඉඩමේ නිදන් ඇති බවට අනාවරණය වීමෙන් පසු මෙසේ නිදන් සෙවීමට තැත් කර ඇති බව මූලික විමර්ශනවලදී හෙලිවී තිබේ.

නිධන් හෑරීම සඳහා යොදාගත් මෙම ඉඩමේ පැරණි නිවසක යැයි සිතිය හැකි නටබුන් ඉතිරිව ඇති අතර අදාල ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක්දැයි වාර්ථාවක් ලබා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පරීක්ෂාවටද කල්කිරීමට නියමිතය.

සැකකරුවන් අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට හෙට (24) ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

 



අදහස් (0)

නිදන් හැරූ අටක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site