IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිදන් හෑරීමට ගිය හිමිනමක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

සුමතිපාල දීයගහගේ  
 
සූරියවැව කරුවල්ගස්වැව පැලවිල්ල පුරාණ ගල් ලෙන් විහාරයේ නිදන් හෑරීමට ගිය හිමිනමක් සමඟ තවත් පුද්ගලයින් තිදෙනෙකු ද සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


මෙම ලෙන් විහාරවාසී සැකකාර හිමියන් සහ තවත් තිදෙනෙකු එක්ව මෙම විහාරස්ථානයේ නිදන් හෑරීමට සූදානම් වන විට එම ස්ථානයට කඩා වැදුණු පොලිසිය විසින් නිදන් හෑරීමට ගෙන ගොස් තිබූ උදලු දෙකක් සහ අලවංගු දෙකක් ද අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරුවන් අද (12) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

නිදන් හෑරීමට ගිය හිමිනමක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site