IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


නාථ මහා දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙක්

(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)

මහනුවර දොඩම්වල ඓතිහාසික ශ්‍රී නාථ මහා දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ලෙස පල්ලේපොල අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ වෝල්ටර් පරහිටියාවතැන්නේ මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් පත් කර තිබේ.

මහනුවර දොඩම්වල ඓතිහාසික ශ්‍රි නාථ මහා දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ වසන්ත යාපාබණ්ඩාර මහතා මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කිරීම හේතුවෙන් ඇතිවු පුරප්පාඩුවට තැන්නේ මහතා මෙසේ පත් කර ඇත.

වොල්ටර් පරහිටියාවතැන්නේ මහතා වසර 20ක් පමණ අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කරන අතර මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ පාලක මණ්ඩලයේ සභාපති ලෙසද, මාතලේ විරුවන් සිහිකිරිමේ සංවිධානයේ ලේකම් වශයෙන්ද, වීර මොණරවිල කැප්පෙටිපොල පදනමේ සභාපති ලෙසද කටයුතු කරමින් මාතලේ මෙන්ම මහනුවර ප්‍රදේශයේද ආගමික, ශාසනික, සමාජීය කටයුතුවල නිරත වන අයෙකි.



අදහස් (0)

නාථ මහා දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site